21.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්සංචාරක වීසා භාවිතා කරමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යාමට...

සංචාරක වීසා භාවිතා කරමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යාමට තැත්කළ කාන්තාවන් 6 දෙනකු යළි හරවා යවයි.

සංචාරක වීසා භාවිතා කරමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යාමට තැත්කළ කාන්තාවන් 6 දෙනෙකු යළි හරවා යැවීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ පිහිටුවා ඇති ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ නිළධාරීන් (SMPU) කටයුතු කර තිබේ.

පසුගිය (11) ඩුබායි රාජ්‍යයේ සංචාරය සඳහා යන බව පවසා දිවයිනෙන් පිටත්ව යාමට තැත්කළ කාන්තාවන් පිරිසක් පිළබඳ සැක සිතූ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් ඔවුන්ගෙන් වැඩිදුර කරුණු විමසා ඇති අතර, එහිදී ඔවුන් රැකියාව සඳහා විදේශ ගතවන බව පවසා ඇත.

ඒ අනුව නිති විරෝධී අයුරින් ඔවුන් විදේශ ගතකිරීමට තැත්කළ මාතර, වෙලේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා මිහින්තලේ, අශෝකපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් වෙත භාරදීමට කටයුතු කර තිබේ.

විමර්ශන නිළධාරීන් අත්අඩංගුවට ගන්නා ලැබු අදාල ජාවාරම්කරුවන් දෙදෙනා එදිනම (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යාමට තැත් කළ කාන්තාවන් හට යළි විදේශ ගතවීමට නොහැකි අයුරින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර තාවකාලිකව අසාදු ලේඛන ගත කිරීමටද කාර්යාංශය පියවර ගෙන ඇත.

සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතවීම නීතිවිරෝධී වන අතර, රැකියාවක් සඳහා විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවීම අනිවාර්ය වේ. සංචාරක වීසා මගින් විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන් මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත්වීමෙන් වළක්වාගැනීම සහ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නිසි මාර්ගෝපදේශනය ලබාදීම අරමුණු කරගනිමින් බණ්ඩාරනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ මෙම ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය පිහිටුවා ඇත. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය යන ආයතනයන්හි නිළධාරීන්ගෙන් සමන්විත වේ.

මූලික වශයෙන් මැලේසියාව, ඕමානය, ඩුබායි හා අබුඩාබි යන රටවල් වෙත සංචාරක වීසා මගින් යොමුවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන අතර සතියේ දින 7ම පැය 24 පුරා ක්‍රියාත්මක වන ඒකකයක් ලෙස ගුවන්තොටුපළ පරිශ්‍රයේ කටයුතු සිදුකරනු ලබයි.

සංචාරක වීසා මගින් විදේශ රැකියා යාමට උත්සහ කළ ශ්‍රි ලාංකිකයින් විශාල පිරිසක් මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කිරිම සඳහා පසුගිය සමයේදී මෙම ඒකකය මගින් නතර කිරිමට කටයුතු කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments