මධ්‍යම පරිසර අධිකාරියේ කිසිදු සේවාවක් ලබාගැනීමේදී යම් පුද්ගලයකුට හෝ ආයතනයකට අල්ලස් ලබාදීමට සිදුවි ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු අදාල විමර්ශන ආයතන වෙත ලබාදෙන ලෙසත් ඉදිරියේදී කිසිදු පුද්ගලයකුට අල්ලස් ලබා නොදෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව මධ්‍යම පරිසර අධිකාරියේ තාක්ෂණික නිලධාරින්ගේ සංගමය දැනුම් දී සිටියි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම සංගමයේ සභාපති සරත් හේවගේ මහතා සහ ලේකම් මාධව බොතේජු යන මහත්වරු වැඩිදුරටත් කියා සිටින්නේ , මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ගේ කීර්තිනාමයට හානි සිදුකරමින් ඉකුත් දිනක මාධ්‍ය මගින් පුළුල් ලෙස ප්‍රචාරයවු අල්ලස් චෝදනාව පිළිබඳ අධිකාරියේ වෘත්තීය සංගම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කළේය. ඒ අනුව මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධව සභාපතිවරයා සමග අත්අඩංගුවට පත්ව ඇති අනෙකුත් දෙදෙනා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් නොවේ.
මෙම අල්ලස් චෝදනාව පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකර එය සම්බන්ධ වූවන්ට තරාතිරම නොතකා දැඩි දඬුවම් ලබාදෙන ලෙසත් අප අධිකාරියේ නිලධාරින්ද මේ සඳහා සම්බන්ධවී ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන්ද එලෙසම කටයුතු කරන ලෙසද ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටිමු.
මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකාවේ පාරිසරික කළමනාකරණය පිළිබඳ ජාතික නියාමන ආයතනය වන අතර ඇතැම් ජාත්‍යාන්තර පරිසරික සම්මූතීන් ජාතීක මට්ටමේ ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය ලෙසද කටයුතු කරනු ලබන බැවින් මෙම අධිකාරියේ සභාපතිවරයා හා අධ්‍යක්ෂජනරාල්වරයා පත් කිරීමේදි ජාතික පාරිසරික පනත අනුව මධ්‍යම පරිසර අධිකාරියේ කීර්තිනාමය ආරක්ෂා කළ හැකි මධ්‍යම පරිසර අධිකාරියේ දැක්ම වෙත ආයතනය මෙහෙයවිය හැකි පරිනත අත්දැකීම් සහිත පුද්ගලයින් පත් කරන ලෙස අවධාරණය කර සිටින්නේමු