ජාතියේ ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලීස් විසිවෙනි සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ලබන වසරේ මාර්තු (30) කොළඹ ෂෑංග්‍රීලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ සම්බන්ධයෙන් ඉකුත් (15) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා අදහස් දැක්වූයේය.
එමෙන්ම මෙම මාධ්‍ය හමුවෙදී එම සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කිශාන් තියෝඩර් , ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ, විනිශ්චය මණ්ඬල සභාපති බුද්ධදාස ගලප්පත්ති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි අලෙවිකරණ හා පාරිභෝගික සම්පත් බැංකුව – තාරක රන්වල යන මහත්වරුන්ගේ සභාභාගිත්වයෙන් එය පැවැත්විණි.
මෙම සම්මාන උළෙල සඳහා අනුග්‍රාහකත්ව ආයතන සංකේත හුවමාරු සිදුකිරීමද සිදුකෙරිණි.
වසර 2005දී හඳුන්වා දෙනු ලැබු රයිගම් ටෙලීස් සම්මාන උළෙල අඛණ්ඩව වාර්ෂිකව පවත්වමින් මෙවර විසිවෙනි වරටත් සම්මාන උළෙල පවත්වයි. මෙම සම්මාන උළෙල ඉතා ආකාර්ෂණීය මෙන්ම නිර්මාණයේදී ඉහල ගුණාත්මක භාවයක් රඳවා ගනිමින් සෑම විටම නව්‍යකරණයෙන් යුත් සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු සෑම විටම සංවිධානය කිරීම හා සෑම මාධ්‍ය අංශයක් මගින් ප්‍රචාරය කිරීම සුවිශේෂියි.
රයිගම් ටෙලීස් දේශීය සම්මාන උළෙල සංස්කෘතියට නාවාංඟ හඳුන්වා දෙමින් පුරෝගාමි මෙහෙවරක නියැලි ඇති අතර විශේෂයෙන් ජාත්‍යාන්තර උළෙල සංස්කෘතිය හා යමින් ප්‍රධාන උළෙලට පෙර නිර්දේශ නාම ප්‍රසිද්ධ කිරීම ප්‍රථම වරට හඳුන්වා දුන්නේ රයිගම් ටෙලීස්ය.
මෙම සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාර ගැනීම ලබන වසරේ ජනවාරි 15 න් අවසන්වන අතර 2023ට අදාළ නිර්මාණ සඳහා අයදුම් භාර ගැනේ.
මෙම සම්මාන රාත්‍රියේදී පිදෙන සම්මාන වන්නේ ටෙලි නාට්‍ය විශිෂ්ටතා , රූපවාහිනි මාධ්‍ය විශිෂ්ටතා ,ජනප්‍රිය සම්මාන,ජනගත සම්මාන, ප්‍රණාම සම්මාන, රූපවාහිනි නාලික ඇගයීම හා කලාකරුවන්ට පිදෙන දහසින් බැඳි පියළි මෙහිදි සියලුම නිර්දේශලාභීන්ට සඳහා වර්ෂයක කාලයක් සඳහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමග රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් තිළිණ කරන අතර මෙවර විසිවෙනි සංවත්සරය වෙනුවෙන් සමරු තිළිණයක්ද පිරිනැමීමට කටයුතු යොදා ඇත. ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට සම්මාන උළෙලක් සඳහා මෙරටදී නිර්දේශලාභීන් ඇගයීමට ලක්කරන එකම සම්මාන උළෙල රයිගම් සම්මාන රාත්‍රියවේ. මෙම වසර 13 මුළුල්ලේ සම හවුල්කාරිත්වය දරණ සම්පත් බැංකුව දායකත්වය සහ නිර්දේශිත උත්කර්ෂණ උළෙල පූර්ණ අනුග්‍රහකත්වය Dialog දායකත්වය දරනු ලැබේ. උළලේ තාක්ෂණ සහය ඉමැජින් එන්ටර්ටේන්මන්ට් සිදුකරනු ලබවයි. නිර්දේශිත රක්ෂණ ආවරණය අලියන්ස් රක්ෂණ සමාගම සිදුකරයි.



