29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රටක් විදිහට විදේශගත ශ්‍රමිකයින්ගේ වටිනාකම වැඩියෙන්ම දැනුණේ මේ අවස්ථාවේදීයි-ඇමැති මනූෂ නානයක්කාර

රටක් විදිහට විදේශගත ශ්‍රමිකයින්ගේ වටිනාකම වැඩියෙන්ම දැනුණේ මේ අවස්ථාවේදීයි-ඇමැති මනූෂ නානයක්කාර

තම පවුලේ දූදරුවන්ගෙන් ඈත්ව රටේ ආර්ථිකය යහපත් කරන්න තම ජීවිතය කැපකළ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ අගය වැඩියෙන් දැනුනේ පසුගිය සමයේ විදේශ විනිමය හිගය හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටීමට ලක්වූ අවස්ථාවේදී බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ දින බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 289 දෙනෙකු වෙනුවෙන් රු. 7,440,000.00 ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනට (27) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“අම්මා හෝ තාත්තා විදේශගත වුන නිසා ඒ උණුසුම නොලබන, අම්මාට තාත්තාට රට ඉදලා රැකියාව කරන එකේ දුක නැති කරමින් දක්ෂයින් විදිහට ඉදිරියට ඇවිත් පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත්වෙලා ඒ දෙමාපියන්ට ගෞරවයක් එකතු කරපු පිරිසක් තමයි මේ ඉන්නේ. ළමුන්ට අම්මා තාත්තා දෙන්නාම අවශ්‍යයි. ඒත් ඔබට ඒ අවස්ථාව ලැබිලා නැහැ. ඔබේ ආර්ථීකය, ඔබට පහසුකම් දෙන්න ඔවුන් තම ජීවිතය කැපකළා. දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගෙන් වෙන්වෙලා කටයුතු කරන එක ඉතාම අපහසු දෙයක්. ඒ නිසාමයි අපි ගුවන්තොටුපොලේදී කදුළු සලනවා දකින්නේ. ඒ නිසාමයි ඔබේ දෙමාපියන් කරන දේට ගරුත්වය දක්වන්නත් ඔබව ශක්තිමත් කරන්නත් මේ දේවල් කරන්නේ. විදේශගත ශ්‍රමිකයින් අපිට ඉතාම වැදගත්. රටක් විදිහට විදේශගත ශ්‍රමිකයින්ගේ වටිනාකම වැඩියෙන්ම දැනුණේ මේ අවස්ථාවේදීයි.”

මෙහිදී, පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 57 දෙනෙකු වෙනුවෙන් රු.20,000.00 බැගින් රු.1,140,000.00 ක් ද, අපොස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 182 කු වෙනුවෙන් රු.25,000.00 බැගින් රු.4,550,000.00 ක මුදලක්ද පිරිනමන ලදී. අපොස උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපන දරුවන් 50 දෙනෙකු වෙනුවෙන් රු.35,000.00 බැගින් 1,750,000.00 ක මුදලක්ද මෙහිදී පිරිනමන ලදී.

මෙම වර්ෂය තුළදී 2021 වර්ෂයට අදාලව විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2065 දෙනෙකු වෙනුවෙන් රු. 53,945,000.00 ක මුදලක් පිරිනැමීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු යොදා ඇත.

ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, කාර්යාංශ සභාපති හිල්මි අසීස්, කාර්යාංශයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී අනුර ලියන්වෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments