පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතාගේ උපදෙස් මත 2023 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා දිවයින පුරා සිදුකල වැටලීම් 22000ක පමණ ප්‍රමාණයක් තුල සහල් වැටලීම් 3151ක් සහ සීනි වැටලීම් 510ක් පමණ සිදුකර ඇත.
එමෙන්ම 20256ක පමණ නඩු පැවරිමෙන් රු.241,849,949/- (රුපියල් විසිහතර කෝටි දහඅට ලක්ෂ හතලිස් නවදහස් නවසිය හතලිස් නමයක) මුදලක් අධිකරණය මගින් වැරදිකරුවන් හට දඩ ලෙස නියම විය.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම උත්සව සමයේ පාරිභෝගික ජනතාව මිලදී ගන්නා භාණ්ඩ සහ ආහාරවල සුරක්ෂිතතාව උදෙසා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැටලීම් සහ විමර්ශන තීව්‍ර කිරීමට කටයුතු කර ඇත.
පාරිභෝගික පැමිණිලි වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු ලබා දෙන ලෙස අධිකාරිය විසින් මහජනතාව වෙත දැනුම් දෙනු ලබයි.