26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්වලංගු බලපත්‍රයක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් වටලයි.

වලංගු බලපත්‍රයක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් වටලයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් (29) වැටලීම් කරන ලදී.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ Zaahi International (Pvt) Ltd නමින් ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින් විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකරන බවට කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් ඊයේ දින අදාල ස්ථානය වැටලීම් කර එම නිතිවිරෝධී ආයතනය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 11ක්, වෛද්‍ය වාර්තා, විදේශ රැකියා අයදුම්පත්‍ර, බැංකු රිසිට්පත් ඇතුළු ලේඛන රැසක් ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින අද(30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වන කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, අමිල පෙරේරා, මහීෂ කොඩිප්පිලිආරච්චි, කිත්සිරි අමරනාත්, ප්‍රියදර්ශනී රොද්‍රිගෝ, ගයේෂා සුභාෂිණි යන නිළධාරීන් එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments