26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස හරහා අත්‍යාවශ්‍ය...

එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස හරහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොලේ අඩුම මිලට- ඇමැති නලින් ප්‍රනාන්දු

එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස හරහා අත්ය වශ්යෝ ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොලේ අඩුම මිලට …. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, (01) වනදා 2024 අයවැයෙහි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්යාංෙශයේ වැය ශීර්ෂය ඉදිරිපත් කරමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්ය වරයා කියා සිටියේ, රාජ්යේ බැංකු මගින් මහා භාණ්ඩාගාරයේ ඇපකර මත ලබාදෙන ලද මූල්‍ය පහසුකම් සඳහා රු.මිලියන 1078ක පොළී මුදලක් ගෙවීමකින් අනතුරුවත් මේ වනවිට ලංකා සතොස රු.මිලියන 50ක දළ ලාභයක් උපයා ගැනීමට සමත් වී ඇති බවයි. තවද ලංකා සතොස සමාගම මෙම වසර තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යපාර සැලසුම් ක්‍රියාවට නංවමින් ඔක්තෝබර් මාසය දක්වා ශුද්ධ ලාභය රුපියල් මිලියන 11.6ක් ඉපයීමට සමත් වී තිබෙන අතර ඒ අනුව මෙම වර්ෂයේ මේ වන තෙක් ලබාගෙන ඇති සමස්ත මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 1.1ක් වන අතර එය ව්‍යාපාරයේ මූල්‍ය වර්ධනයේ ප්‍රතිශතයක් ලෙස 132%ක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල පසුගිය වසර ප්‍රගතිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා වැඩි දුරටත් කරුණු සදහන් කළේය. ඒ අනුව සමුපකාර ව්‍යාපාරය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික අරමුණ ජනතාවට තවදුරටත් සහන සැළසීම පුළුල් කරනු වස් රාජ්‍ය අංශයේ සීමිත මැදිහත්වීමකින් සමුපකාර ව්‍යාපාරය ස්වයං පාලන ආයතන වශයෙන් ක්‍රියාත්මක වීමට අවස්ථාව සලසා දීම බවද අමාත්යවවරයා පැවසීය.
එළඹෙන 2024 වසර සදහා රජය මගින් සුළු හා මධ්යම පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමට රුපියල් බිලියන 30ක් සහ මීට අමතරව කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල සමාගම්වල අගය දාමයන් සංවර්ධනයට රුපියල් බිලියන 5 ක් වෙන් වීමෙන් අපනයන වෙළෙඳපොළට ප්‍රවේශ වීමට සහ නව වෙළෙඳපොළවල් හඳුන්වාදීම ඇතුළු පහසුකම් සලසා දීම සඳහා වාණිජ දෙපාර්තමේන්තුව හරහා සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කීරි සම්බා සහල් තොග සඟවා ගැනීමෙන් ලංකා සතොස ආයතනය වෙත පවා නියමිත තොග නොලැබීමෙන් සහතික මිල ගණන් යටතේ සහල් වර්ග බෙදා හැරීමේ අපහසුතාවයක් පැවතීම හේතුවෙන් මෙම වෙළෙඳපොළ තත්ත්වය නිරීක්ෂණය කර අමාත්‍ය මණ්ඩලය විසින් කීරි සම්බා වලට සමාන සහල් වර්ගයකින් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු කරන බවද මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රටතිපත්ති අමාත්යාංෂශය යටතේ පවතින ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහ මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ සේවාවන් පාරිභෝගිකයින්ට හිතකර පරිදි ලබා දීම කාර්යක්ෂම කිරීම හා පහසු කිරීම උදෙසා ඒකාබද්ධ ඩිජිටල් ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත බවත්, මෙරට වී නිෂ්පාදනය හෙක්ටයාරයට මෙට්රිවක් ටොන් 3.5 සිට 8 දක්වා ඉහළ නැංවීමට කටයුතු කිරීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ද වී වගා කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ, ගොවීන්, කෘෂි විශේෂඥයින්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2500ක් වෙන් කිරීමත්, මහා පරිමාණ කෘෂිකාර්මික කටයුතු සඳහා රාජ්‍ය වැවිලි සංස්ථාව, මහවැලි අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පාලනය වන ඉඩම් අක්කර ලක්ෂ 3ක් අමතරව යොදා ගැනීමට යෝජනා වී ඇති අතර එම යෝජනා හරහා ඉදිරියේදී කෘෂි නිෂ්පාදනය ඉහළ යාමත් සමඟ භාණ්ඩවල මිල අඩුවීමෙන් පාරිභෝගිකයාට වැඩි සහනයක් ලබාගැනීමට හැකිවීම හා අපනයන ආදායම ද ඉහළ නැංවීමට හැකිවෙන බවත්, මේ අනුව ජීවන වියදම කළමනාකරණය කිරීමට හොඳ යෝජනාවන් සහිත අයවැයක් වශයෙන් මේ අයවැය පිළිබඳව අපට විශ්වාසය තබා ගැනීමට හැකි බවද අමාත්‍යවරයා සදහන් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments