21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මෙවර ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවේ.

මෙවර ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවේ.

ජාත්‍යාන්තර ගෑස් මිල වැඩිවි තිබෙන අවස්ථාවක් වුවත් එළඹෙන උත්සව සමයේ මෙරට ලිට්‍රෝ පාරිභෝගික ජනතාව අපහසුතාවයකට පත් නොකිරීම සඳහා ලිට්‍රෝ ගෑස් මිල වැඩි කිරීමක් සිදුනොකරන බව එම සමාගම ප්‍රකාශ කර සිටියි.

මේ සම්බන්ධයෙන් එම සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ වනවිට ජාත්‍යාන්තර ගෑස් මිල උච්චාවචනයක් සහ ඩොලරයේ විනිමය අනුපාතය සලකා බැලීමේදි දේශීය ගෑස් මිල ඉහල දැමීම සිදුකළ යුතු වුවද එළඹෙන උත්සවය සමහ සළකා බලා මෙවර ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණ කර ඇති බවයි.

ඒ අනුව මේ මාසයේදී කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,565ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයට අදාලව නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. කිලෝග්‍රෑම් 5ක මිල රුපියල් 1,431ක් ලෙසද , කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 668ක් ලෙසද පවත්වාගෙන යනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments