21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsප්‍රබල මත්ද්‍රව්‍ය අවි ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

ප්‍රබල මත්ද්‍රව්‍ය අවි ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරතව සිටින සුවන්දා හෙන්නදිගේ සමීර නිශාන්ත යන අයගෙ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයා කොකේන් මත්ද්‍රව්‍ය හා උන්ඩියල් ආකාරයට හුවමාරු කරගන්නා ලද අමරිකානු ඩොලර් 9,400 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

.විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

ඒ අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක ටී.එන්. ධර්මවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02 ) මරදාන පොලිස් වසමේ ඩින්ස් පාරේ, CARAVAN FRESH වෙළද සැල ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 ක් සන්තකයේ තබාගෙන කාර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි මරදාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් රුපියල් 164,500.00 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන උන්ඩියල් ආකාරයට හුවමාරු කරගන්නා ලද අමරිකානු ඩොලර් 9,400 ක් හා ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.
මොහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරිමේ දී මෙම පුද්ගලයා දැනට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමක් සම්බන්ධව අත්අඩංගුවට පත්ව කොළඹ රීමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සුවාන්දා හෙන්නදිගේ සමීර් නිශාන්ත යන අයගේ මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම සාමාජිකයකු බවට තොරතුරු අනාවරණය කරගන්නා ලදී.

T 56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අපරාධයකට සැරසුනු පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) නුරිය පොලිස් වසමේ අංක ඒ/58/3, නිල්වල, නුරිය ලිපිනයේ වැටලීමක් සිදුකර ඇත.

එහි දී T 56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් 7.62 X 39mm උණ්ඩ 03 ක් සන්තකයේ තබාගෙන සිටි නුරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 46 ක පුද්ගලයකු ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නුරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඉතා සූක්ෂම ලෙස පෑනක් ආකාරයෙන් සකස් කළ විදේශිය නිෂ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සමඟ අපරාධයකට සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

.

අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) යක්කල පොලිස් වසමේ කෙසෙල්වතුගොඩ පාර අසල දී වැටලීමක් සිදුකර ඇත ඇත.

ඉතා සුක්ෂමව මහා පරිමානයෙන් වගාකර තිබූ ගංජා වගාවන් දෙකක් සමග පුද්ගලයෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලැබණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී එච්.යු.එන්. ද සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ මගපෙන්වීමෙන් උඩවලව කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පී.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තණමල්විල පොලිස් වසමේ ඇඹිපිටියාය ප්‍රදේශයේ දී වැටලීමි සිදුකර ඇත.

එහි දී පර්චස් 20 ක පමණ භූමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා පැළ 4,210 වගාවක් සැකකරුවෙකු නොමැතිවද, පර්චස් 15 ක පමණ භූමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා ගස් 4,940 ක් සහිත වගාවක් ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා පැළ 10 ක් හා ගංජා ගස් 10 තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments