29.1 C
Sri Lanka
Sunday, June 22, 2025
Homeවිදේශීය පුවත්පිලිපීනයේ පිපිරීමකින් තිදෙනෙකු මරුට

පිලිපීනයේ පිපිරීමකින් තිදෙනෙකු මරුට

පිලිපීනයේ මින්දනාවෝ ප්‍රදේශයේ කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පිපිරීමෙන් තවත් පුද්ගලයින් 09 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

පිලිපීනයේ මින්දනාවෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ව්‍යායාම් ශාලාවක පැවති කතෝලික දේවමෙහෙයකදී මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්ය.

විශ්වවිද්‍යාල පරිශ්‍රයට අතිරේක ආරක්ෂක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments