25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන්ජනපති මැදිහත්වීමෙන් ඉඩමක්

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන්ජනපති මැදිහත්වීමෙන් ඉඩමක්

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

(06) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මෙම එකඟතාවට එළැඹිණි.

2024 වර්ෂයට වසර 150ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලය මඟින් ජනාධිපතිවරු තිදෙනෙකු බිහි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසීය.
නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ සැලසුම් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් අතර මුල් අදියර සඳහා පර්චස් 40ක බිම් කොටසක් වෙන් කිරීමටත්, අදාළ සැලැස්මට අනුව අවශ්‍ය ඉතිරි ඉඩම් ප්‍රමාණය අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලබා දීමටත් උපදෙස් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක මහතා සඳහන් කළේ වසර 150ක ඉතිහාසය තුළ නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් එක් බිම් අඟලක්වත් ලැබී නොමැති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කිරීම පිළිබඳ ස්තූතිවන්ත වන බවත්ය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් යන මහත්වරුන් ද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments