මැදපෙරදිග රටවල සේවයට යන සේවක සේවිකාවන්ගේ වෛද්‍ය පරීක්ෂණය සඳහා GAMCA ආයතනය අය කරන මුදල විශාල බැවින් ඊට සහනයක් ලබාදෙන ලෙසත් දැනට කොළඹට හා කුරුණෑගලට සීමාවි තිබෙන මෙම වෛද්‍ය මධ්‍යස්ථාන රටේ අනෙකුත් ප්‍රධාන නගර සඳහා විමධ්‍ය ගත කරන ලෙස ප්‍රජා සංවර්ධන සේවා ආයතනය බලධාරින්ගෙන් ඉල්ලා සිටියි
සංක්‍රමණික සේවකයින්ට HIV ආසාදනය වීමේ අවදානම, GAMCA වෛද්‍ය මධ්‍යස්ථාන මගින් සිදුවන විවිධ උල්ලංඝනයන් සහ ආමන්ත්‍රණය කිරීමට රජය විසින් ගතයුතු ප්‍රතිපත්ති සහ වැඩසටහන් මොනවාද යන්න පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා තරුණ පිරිමි මුස්ලිම් සංගමය සමඟ එක්ව CDS ( 13)කොළඹදී විශේෂ මාධ්‍ය වැඩමුළුවක් පැවැත්විය.
එහිදි අදහස් දැක්වු ප්‍රජා සංවර්ධන සේවා ආයතනයේ (CDS) විධායක අධ්‍යක්ෂ ඇන්ඩෘ සැමුවෙල් මහතා කියා සිටියේ ගල්ෆ් අනුමත වෛද්‍ය මධ්‍යස්ථාන සංගමය(GAMCA) මෙම අහිංසක සේවක සේවිකාවන්ගෙන අය කරන මුදල පිළිබඳ නැවත වරක් සිතා බලා සහනයක් ලබාදීය යුතු බවයි. අපේ රටේ මුලින්ම විදෙස් රටවලට රැකියාවලට ගියේ අඩුපුහුණු සේවක සේවිකාවන් අතර වර්තමානයේ ඒ තත්ත්වය වෙනස් වෙමින් තිබෙන බව පෙන්වාදුන්නේය.
මෙසේ රට රැකියාවලට යන සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරගැනීම සඳහා විදේශ සේවානියුක්ති කාර්යාංශය, බලපත්‍රලාභි රැකියා ඒජන්සිකරුවන්ගේ සංගමය හා ගල්ෆ් අනුමත වෛද්‍ය මධ්‍යස්ථාන සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විවෘත සාකච්ඡාවක් සිදුකර සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් නිර්දේශ මාලාවක් සකස් කළ යුතුයි.
සෞඛ්‍ය අංශයේ සැලසුම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ලිංඟාශ්‍රිත හා ඒඩ්ස් මර්දනය ඒකකය සමග සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය දත්ත හුවමාරු කරග යුතුයි. , සංක්‍රමණික ශ්‍රමිකයාට බරක් නොවි පිටත්වීමට පෙර වෛද්‍ය පරීක්ෂණ පිරිවැය සමස්ත බඳවා ගැනීමේ ගාස්තුවලට ඇතුළත් කිරීමට කටයුතු කිරීම, ද්විපාරිශවීය මට්ටමින් GAMCA බලධාරින් සමග මෙම නිර්දේශ නැවත සාකච්ඡා කර සියලුදෙනාටම අදාල වන ජයග්‍රාහි විසඳුමකට පැමිණීම .
GAMCA මධ්‍යස්ථාන සංක්‍රමණික සේවකයින්ගේ ගෞරවය හා අයිතිවාසිකම්සහතික කරමින් HIV පරීක්ෂණය ජාත්‍යාන්තරව පිළිගත් සම්මූතීන් වලට අනුව සිදුකිරීම. සියලුම වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ දැඩි රහස්‍යභාවය සහතික කිරීම, පවත්වාගෙන යෑම හා අවශ්‍යවිටදී නිසි යොමු කිරීම් සිදුකිරීම..
ජාතික ලිංඟාශ්‍රිත හා ඒඩ්ස් මර්දනය ඒකකය වෙත සියලුම HIV සංක්‍රමණ දත්ත වාර්තා කිරීමට නිත්‍යානුකූලවල බැඳි ඇති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම හා වඩා ප්‍රවේශ විය හැකි පරීක්ෂණ මධ්‍යස්ථාන සෑම ප්‍රධාන නගරයකම පිහිටුවීම යන යෝජනා ඉදිරිපත් කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදි අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය… කිසිවිටෙක රැකියා සඳහා විදෙස් ගත වීමේදී සංචාරක වීසා මගින් විදේස්ගත නොවන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියේය. එය තමන්ගේ ආරක්ෂාවට යහපත් නොවන අතර තමන් HIV හෝ වෙනත් රෝගි තත්ත්වයකට මුහුණදී සිටියි ප්‍රතිකාරයක් හෝ ලබාගැනීමට බාධාවක් වෙනවා.
මෙහිදි බලපත්‍රලාභි විදෙස් රැකියා එජන්සි කරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.එෆ්.එම්.අර්ෂාඩ් මහතා….. මැදපෙරදිග රැකියා සඳහා බොහෝවිට පැමිණෙන අය අසරණ අහිංසක අය බැවින් ඒ අයට සහනයක් ලබාදීම ගැන රැකියා ඒජන්සිකරුවන් ලෙස අපි කැමැතිවන අතර ඒ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සියලු දෙනා බැඳි සිටින බව කීය.
මෙහිදි ජාතික ලිංඟාශ්‍රිත හා ඒඩ්ස් මර්දනය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මිය, ජානුකා තිලකරත්න මහත්මිය (සි.ඩි.එස්. ව්‍යාපෘති කළමනාකාරිණි), එන්.එම්. නිෆ්රාස් මහතා (තරුණ මුස්ලිම් සංගමයේ සම්බන්ධිකාරක HIV/ AIDS වැළැක්වීම), එස්.අයි.ඒ. නිරෝෂන් මහතා ( සභාපති ලංකා ප්ලස් ආයතනය) යන අය කෙටි දේශනා පැවැත්වූහ.
