ටිපර් රථයෙන් අයිස් ප්‍රවාහණය කල පාතාල නායකකයකු වන ජයලත් සුද්දා නොහොත් රාජු නමැත්තාගේ සමීපතම ගොලයකු වන පොඩි ශාන් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලිම් හා අත්අඩංගුවට ගැනිම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය මිටියාගොඩ උප කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී එච්.යු.එන්. ද සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මිටියාගොඩ උප කඳවුරේ පොලිස් පරික්ෂක එච්.අයි.කේ.ආර්. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) මිටියාගොඩ පොලිස් වසමේ ලෙවිදුව හංදිය ප්‍රදේශයේ ක්ෂනික මාර්ග බාධක රාජකාරි යෙදි සිටිය දී වැටලීමක් සිදුකර ඇත. එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07, මිලි ග්‍රෑම් 950 ක් සන්තකයේ තබාගෙන ටිපර් රථයක් මගින් ප්‍රවාහණය කරමින් සිටි මිටියාගොඩ, මහවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
වැඩිදුර තොරතුරු විමසීමේදී මෙම සැකකරු මිටියාගොඩ ප්‍රදේශයේ පාතාල නායකකයකු වන ජයලත් සුද්දා නොහොත් රාජු නමැත්තාගේ සමීපතම ගොලයකු වන දිල්ශාන් නොහොත් පොඩි ශාන් යන අය බවට හදුනාගෙන ඇත.
මහා පරිමාණයෙන් කේරළ ගංජා ජාවාරමේ යෙදුන වයස අවුරුදු විසි පහක තරුණයෙකු K G කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර් පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) හලාවත පොලිස් වසමේ හලාවත, ගුරුමිදැත්ත, කුමාරකට්ටුව යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත ඇත. එහි දී කේරළ ගංජා කිලෝ 01, ග්‍රෑම් 650 ක් සන්තකයේ තබාගෙන සිටි ගුරුමිදැත්ත, කුමාරකට්ටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
වැලිකඩ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම ප්‍රබල සංවිධානාත්මක අපරාධ හා මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කරන්දෙණිය සුද්දාගේ ප්‍රධාන ගෝලයා වන වෑල්ඩින් රුවන් අයිස් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.කේ.අයි. ඉලුක්කුඹුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායම සමග ඒකාබද්ධව (14) අම්බලන්ගොඩ පොලිස් වසමේ නො 272, දුම් කොළ නිවාස, ගලගොඩවත්ත, කුලීගොඩ දී වැටලීමක් සිදුකර ඇත ඇත. එහි දී අයිස් ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 590 ක් සහ තියුණු ආයුධ සන්තකයේ තබාගෙන සිටි ගලගොඩවත්ත, කුලීගොඩ ප්‍රාද්ශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම සැකකරු දැනට විදේශ ගතව සැඟවී සිට සංවිධානාත්මක අපරාධ, පාතාල ක්‍රියාකාරකම් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සෝබනා හන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා ගේ ප්‍රධාන ගෝලයකු වන ගරුමුණි ආරච්චිලාගේ රුවන් ධනුෂ්ක ද සිල්වා නොහොත් වෑල්ඩින් රුවන් යන අය බවත් පසුගිය දිනයකදී මෙම පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත්, එම නඩුවෙන් දැනට ඇප මත නිදහස්ව සිටින අයෙකු බවටත් තොරතුරු අණාවරණය විය.