ලබන වසරේ අප්‍රේල් 30 වනදා දක්වා බිත්තර ආනයනය කිරීමට රාජ්‍ය , වානිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දුන් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
වෙළඳපළේ බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා එම පියවර ගත් බව වෙළඳ අමාත්‍යවරයා මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා සිටියි.
වෙළඳපොළේ මේවනවිට බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 50ත් 60ත් අතර මිලකටයි. එවන් පසුබිමක් තුළ පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා මේවනවිටත් ආනයනය කර ඇති බිත්තර උත්සව සමය වෙනුවෙන් වෙළඳපළට නිකුත් කරන බවත් එම බිත්තරයක් රුපියල් 35 මිලකට අලෙවි කරන බවත් වෙළඳ අමාත්‍ය වරයා පැවසිය.