26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsයුක්තිය මෙහෙයුමේදී මහපරිමාණ මත්ද්‍රව්‍ය ඇතුළු තවත් ජාවාරම් රැසක සුලමුල සොයා ගැනීමට එස්.ටී.එෆ්.සමත්වේ.

යුක්තිය මෙහෙයුමේදී මහපරිමාණ මත්ද්‍රව්‍ය ඇතුළු තවත් ජාවාරම් රැසක සුලමුල සොයා ගැනීමට එස්.ටී.එෆ්.සමත්වේ.

වැඩබලන පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලැබු ‘යුක්තිය ‘විශේෂ මෙහෙයුම යටතේ,විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත.

හොර රහසේ තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි සහ තහනම් ආයුධ සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් නෙල්ලිඅඩි කඳවුරේ උප පොලිස් පරික්ෂක ඩී.ජී.සී.පී. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) නෙල්ලිඅඩි පොලිස් වසමේ මාලු හංදිය, අල්වායි නැගෙනහිර, අල්වායි ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ඉහත ලිපිනයට අයත් පලතුරු වෙලදසැල තුල අලවි කරමින් තිබූ තීරුබදු නොමැතිව නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 306 සහ මෙරට සාදන ලද නීති විරෝධී කඩු 04 ක් සන්තකයේ තබාගෙන සිටි අල්වායි නැගෙනහිර, අල්වායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කේරළ ගංජා ජාවාරමේ යෙදුන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි අධ්‍යක්ෂ (විශේෂ අවි හා උපක්‍රම/ සංග්‍රාමික යතුරුපැදි) පොලිස් අධිකාරී ආර්.පී.කේ.ඩී රත්නවීර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩබ්.එල්. ලිලංක ඇතුළු මේ නිලධාරීන් කණ්ඩායමක් (20) කොටහේන පොලිස් වසමේ ශ්‍රී සම්බුද්ධ රාජ පෙදෙස, ආමර්වීදිය යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දිගු කලක පටන් කේරළ ගංජා ජාවාරමේ යෙදුණ කොළඹ 12, ශ්‍රි සම්බොධි රාජ මාවත පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයෙකු කේරළ ගංජා ග්‍රෑම් 105 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

දකුණු පලාතේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍ර‍්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකු පේරාදෙණියේ දී විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ උප පොලිස් පරික්ෂක ඊ.ඩී.එස්. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) පේරාදෙණිය පොලිස් වසමේ අංක 472/බී, පහල ඊරියගම, පේරාදෙණිය ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දකුණු පලාතේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍ර‍්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිට දැනට පේරාදෙණයේ සැඟව සිටි මිදිගම හා දික්කුඹුර ප්‍රදේශයන්වල පදිංචි වයස අවුරුදු 28,42 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකරවනකු වන මාහොමඩ් රාසික් මොහොමඩ් ජවුෆර් නොහොත් නෙවිල් යන අයවළුන්ගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍ර‍ව්‍ය හා කෙරළ ගංජා සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20 ) මරදාන පොලිස් වසමේ නවගම්පුර, ප්‍රගති මාවතේ, අංක 505, මෝටර්ස් ආයතනය අසල දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී අයිස් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 06, මිලි ග්‍රෑම් 100 ක් හා කෙරළ ගංජා ග්‍රෑම් 05 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 10, මරදාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකරවනකු වන මාහොමඩ් රාසික් මොහොමඩ් ජවුෆර් නොහොත් නෙවිල් යන අයවළුන්ගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

දීර්ඝකාලයක සිට මහා පරිමාණයෙන් නීති විරෝධීව ව්‍යාජ ලෙස විදේශගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර, විදෙස් අනුග්‍රහ ලිපි මුද්‍රණය සිදු කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එච්.එස්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) පන්නල පොලිස් වසමේ අංක 130/2/1, අරෆා මාවත, ඇලබඩගම, පන්නල යන ලිපිනයට අදාල නිවසේ දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී දීර්ඝකාලයක සිට නීති විරෝධීව ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර, විදෙස් අනුග්‍රහ ලිපි සහ මහා පරිමාණයෙන් ව්‍යාජව මුද්‍රණය සිදු කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා එම ජාවාරම සිදුකරගෙන යනු ලැබූ පන්නල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 හා 33 පසුවන පුද්ගලයින් දෙදෙනෙකු ඒ සඳහා යොදා ගන්නා ලද උපකරණ හා අමුද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත භාර දී ඇත.ලැප්ටොප් යන්ත්‍ර 0ක්, .ප්‍රින්ටර් යන්ත්‍ර 08 ක්, ජංගම දුරකථන 02ක්, 65GB වර්ගයේ PEN DRIVE 02ක්, රේඩියම් ස්ටාර් චෙක් මැෂින්02ක්, DCP UPS යන්ත්‍රයක්, ලැම්නෙට්න් කටරවක්, ලැමිනේටින් කොල 36ක්, විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර24ක්, විවිධ ප්‍රමාණවල දිය සලකුනු සැදිමේ ස්ක්‍රීන් ෆිරින්ටින් සිදු කරන ‍රාමු 25ක්, විවිධ පුද්ගලයින්ට අයත් ඉන්දියානු වි.ග.බ. වල ජීවදත්ත පිටු 16 ක්, විවිධ රටවල ව්‍යාජ ලෙස සකස් කරන ලද වීසා බලපත්‍ර ස්ටිකර්ස් 18 ක්, විවිධ රටවල ව්‍යාජ ලෙස සකස් කරන ලද වීසා බලපත්‍ර වල මුද්‍රිත පිටපත් 42ක්, සර්ජිනෝ වර්ගයේ කාඩ්පතක්, සර්ජිනෝ වර්ගයේ කාඩ් සෑදීමට ගන්නා මුද්‍රිත පිටපතක්, ව්‍යාජ වීසා සකස් කිරිමේදී වැරදී ඇති මුද්‍රිත පිටපත්134ක් ඇතුළු අදාල භාණ්ඩ රැසක් මෙහිදි අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments