කල් ඉකුත් වූ කිරිපිටි තොග බෙදාහරින ස්ථානයක් පිටකොටුවෙන් සොයාගැනේ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය (22) පිටකොටුවේ තොග අලෙවිසැල් විශේෂ පරික්ෂාවකට ලක් කළ අතර එහිදී කල් ඉකුත් වූ කිරිපිටි කිලෝ 825ක තොගයක් විකිණිමට සුදානම් කර තිබිය දී සොයාගන්නා ලද අතර වැඩි දුර විමර්ශන යේ දී තහවුරු කර ගනු ලැබුවේ දිවයිනේ විවිද ප්‍රදේශවලින් පැමිණෙන අයිස්ක්‍රීම් සහ රසකැවිලි වෙළෙන්දන් මෙම කල් ඉකුත් වූ කිරිපිටි රැගෙන යන බවයි.
කල් ඉකුත් වූ භාණ්ඩ විකිණිමට ප්‍රදර්ශනය කර තැබිමෙන් පාරිභෝගිකයන් නොමග යවන සුලු රවටන සුලු යන චෝදනා යටතේ තොග වෙලෙදසැල් හිමියට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ නිලධාරීන් කටයුතු කරනු ලැබේ.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතාගේ උපදෙස් මත වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම් සිදු කළහ.
