කිසියම් අපරාධයකට සැරසුනු පුද්ගලයෙකු චෙක් රාජ්‍යයේ නිෂ්පාදිත අති නවීන පිස්තෝල අවියක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත.
ඒ අනුව එම කාර්ය බලකායේ අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමි අංශ I හි ස්ථානාධිපති ප්‍ර.පො.ප. එච්.වී.එල්. විජයරත්න මහතාගේ මෙහෙයවීම යටතේ උප ස්ථානාධිපති පො.ප. වයි.එස්. සුරවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) බඩල්ගම පොලිස් වසමේ අංක 4/1, අකරන්ගහ, බඩල්ගම ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී චෙක් රාජ්‍යයේ නිෂ්පාදිත පිස්තෝල අවියක්, එම අවියට සවි කල හැකි පතුරම් ගැබක් හා මි.මී. 09 වර්ගයේ ජීව උණ්ඩ 75 සමග බඩල්ගම, අකරන්ගහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බඩල්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ජාවාරමි කිරීම සඳහා නීති විරෝධී PRIGABLIN මත්පෙති ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වව්නියාව කලාපය බාර පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණයෙන් මන්නාරම උප පොලිස් පරික්ෂක එම්.ඩී. සඳරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) වන දින පේසාලේ පොලිස් වසමේ පේසාලේ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරමි කිරීම සඳහා යතුරුපැදියක් මගින් PRIGABLIN මත්පෙති 1,000 ක් සන්තකයේ තබාගෙන ප්‍රවාහණය කරමින් සිටි පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අධි තාක්ෂණික උපකරණ යොදා ගනිමින් කල්ලිච්චිය රක්ෂිතයේ රහසිගතව
නිධන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයින් දස දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වව්නියාව කලාපය බාර පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණයෙන් වාකරේ කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක බී.යූ.එස්. විජේසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වාලච්චේන පොලිස් වසමේ කල්ලිච්චිය පලෙයි රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කල්ලිච්චිය රක්ෂිතයට අනවසරයෙන් ඇතුල් වී මෙට්ල් ඩිටෙක්ටරයක් යොදා ගනිමින් පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි තඹුත්තේගම, නව නඟරය, අනුරාධපුර, පරාක්‍රම සමුද්‍රය, මුරුතලාව, පොළොන්නරුව, වැලිකන්ද යන ප්‍රදේශයන් වල පදිංචි වයස අවුරුදු 22 ක සහ 64 ක් වන පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දිගු කලෙක පටන් මෙලෙස සංරක්ෂිත රක්ෂාතයන් තුල සිදුවන නිදන් හෑරීම්,මත්ද්‍රව්‍ය ජාවාරම් ,දැව ජාවාරම් පසු පස විශේෂ කාර්ය බලකාය නිරන්තරයෙන්ම මෙහෙයුම් සිදුකරමින් අපරාධ සිදුකරන්නන් නීතිය හමුවට ගෙන ඒමට ක්‍රියා කරමින් සිටී.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට ගෙන්වනු ලැබු වියලි කහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩී.පී.යු කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.කේ.එම්. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) යාපනය පොලිස් වසමේ කාකතිව් කළපු තීරයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවෙන් ගෙන්වා ඇති වියළි කහ කිලෝ ග්‍රෑමි 254 සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.