21.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්මිනුවන්ගොඩ මූලික රෝහලට එක්ස් කිරණ යන්ත්‍රයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 345 වැය...

මිනුවන්ගොඩ මූලික රෝහලට එක්ස් කිරණ යන්ත්‍රයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 345 වැය කිරීම රජයේ මුදල් අනවශ්‍ය ලෙස වැය කිරීමක්

බස්නාහිර පලාත් සභාව මිනුවන්ගොඩ මූලික රෝහලට පසුගිය දිනවල එක්ස් කිරණ යන්ත්‍රය මිලදී ගැනීමේදී තාක්ශණික ඇගයීම් කමිටුවට විකිරණ තාක්ශණවේදී නිලධාරීයකු සහභාගී කරවාගෙන නොතිබුණි. විකිරණ තාක්ශණවේදී නිලධාරීයකු අදාල තාක්ශණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කරගත්තේ නම් එම රෝහලේ අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය එක්ස් කිරණ යන්ත්‍රයක් ලක්ශ 150 ත් 180 ත් අතර මුදලකට මිලදී ගැනීමට හැකිවනු ඇත.

මිනුවන්ගොඩ මූලික රෝහල යනු ඉතා අඩු විකිරණ පරීක්ශණ ප්‍රමාණයක් දෛනික ඉල්ලුම් කරන රෝහලක් වන අතර එවැනි රෝහලකට මෙවැනි යන්ත්‍රයක් අනවශ්‍ය එකක් වේ. නවීන පරිඝණකගත තාක්ණයෙන් යුතු යන්ත්‍රයක් මෙවැනි කුඩා රෝහලකට ප්‍රමාණවත් වන අතර මෙවැනි නිසි අවශ්‍යතාව හදුනා නොගෙන රජයේ මුදල් නාස්ති කිරීම තවමත් නවතා නොමැති බව මෙවැනි මිලදී ගැනීම් වලින් පිළිබිඹුවේ. පසුගිය කාලයේ සිදුකල මෙවැනි මිලදී ගැනීම් වලින් සිදුකල මුදල් නාස්තියේ ප්‍රතිඵල අදටත් අප අත්විදිමින් සිටී.මෙවැනි යන්ත්‍රයක් නඩත්තුව සදහා ඉතා විශාල මුදලක් වාර්ශික ව සිදු කලයුතු වේ.

මෙම යන්ත්‍රය මේ වනවිටත් නිවරදි ක්‍රියාකාරීත්වයේ පවතින බව තහවුරු කර නොමැති අතර මෙම යන්ත්‍රයට මුදල් ගෙවීම දැනට කර නොමැති නම් කඩිනමින් මුදල් ගෙවීම නොකලයුතු බව අපි අදාල බලධාරීන්ට දන්වා සිටී.

එසේම රජය පාර්ශවයෙන් මෙවැනි මුදල් නාස්ති කිරීම් සිදුකරන නිලධාරීන්ට එරෙහිව අදාල ක්‍රියාමාර්ග ගන්නා ලෙස බල කර සිටී. එසේම ඉතා ඉක්මනින් මෙවැනි මුදල් නාස්ති කරන මිලදී ගැනීම් නවතා අත්‍යාවශ්‍ය මිලදී ගැනීම් නිවරදි අවසන් භාවිතාකරුවන් වන විකිරණ තාක්ශණවේදී නිලධාරීන් සම්බන්ධ වන තාක්ශණික ඇගයීම් කමිටු හරහාම සිදුකරන ලෙස අවධාරණය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments