26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsයුක්තිය මෙහෙයුම සංකල්පය මත සිදුකෙ රෙන පොලිස් මෙහෙයුම් මත මත්ද්‍රව්‍ය ජාවාරමුන්...

යුක්තිය මෙහෙයුම සංකල්පය මත සිදුකෙ රෙන පොලිස් මෙහෙයුම් මත මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා අපරාධකරුවන් රැසක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් වන කුඩු රෝෂාන්ගේ සොහොයුරන් වන අනාස් සහ චක්කු යන අයගේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

වැඩ බලන පොලිස්පති ගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සදහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක එල්.ඩී.එස්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) මරදාන පොලිස් වසමේ අංක 218/06, පංචිකාවත්ත පාර, කොළඹ 10 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 530 ක් ජංගම දුරකථන 02 ක් සන්තකයේ තබාගෙන සිටි පංචිකාවත්ත පාර, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

අත්අඩංගුවට මොහු කුඩු රෝෂාන් නොහොත් තුප්පැහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් යන අයගේ සහෝදරයන් වන අනාස් සහ චක්කු ලෙස හදුන්වන ලබන පුද්ගලයන් දෙදෙනාට අයත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරණු ලැබු පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය විය.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන දළුපිටිය කැන්ඩා නැමැත්තාගේ සමීපතමයකු වන පංචි අයිස් මත් ද්‍රව්‍ය සමග විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලැබණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි පොලිස් පරික්ෂක පි.ඩබ්.ඒ.ජේ.පි.කේ. වන්නආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.06 වන දින කඩවත පොලිස් වසමේ ආම්ස්ට්‍රෝන්ග් හන්දිය අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 760 ක් ජංගම දුරකථනයක්, මුදලින් රුපියල් 72,000 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ඉහල බියන්විල, කඩවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 ක් වන පංචි නම් අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් වල දී කඩවත කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දළුපිටිය කැන්ඩා නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු බවත්, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනිම පිලිබදව මහාධිකරණයේ නඩු 02 ක් දැනට විභාග වෙමින් පවතින බවත්, පොලිසිය විසින් මොහු පිලිබදව විමර්ශනය කරමින් සිටින බැවින් මොහු ප්‍රදේශයෙන් පලාගොස් ඉතා සුක්ෂම ආකාරයට සැගවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය විය.

ප්‍රදේශයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් මත් කරල් බෙදාහැරි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුර මගින් අත්අඩංගුවට
.

විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් මන්නාරම කඳවුරේ උප පොලිස් පරික්ෂක සදරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06 ) තලෙයිමන්නාරම පොලිස් වසමේ පියර්ගම, අම්ඹානගර් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී PREGAB 150mg වර්ගයේ මත් කරල් 526 ක් අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි තලෙයිමන්නාරම, මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

බොරැල්ල හා මැණික් ටවුන් යන ප්‍රදේශයන් වල මත්ද්‍රව්‍ය බෙදාහැරි සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පිඩලිවත්තේ ෆයිසාල් යන අයගේ ප්‍රධාන ගෝලයකු ලක්ෂ හයක් පමණ වටිනා හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය (කොළඹ කළාපයේ) ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී.එස්. ජයලත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) බොරැල්ල පොලිස් වසමේ අංක 71, කිතුල්වත්ත පටුමග, බොරැල්ල යන ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 18 ක් සන්තකයේ තබාගෙන සිටි කිතුල්වත්ත පටුමග, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොළඹ 07, පිඩලිවත්තේ ෆයිසාල් යන අයගේ බොරැල්ල හා මැණික් ටවුන් යන ප්‍රදේශයන් වල මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරනු ලබන, එමෙන්ම 2023 වර්ෂයේ දී පැහැරගත් යතුරු පැදියකින් යම්කිසි අපරාධයකට පිටව යාමේ දී වැල්ලවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීයකුගේ අත තියුණු ආයුධයකින් කපා පැන ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස්ව පැමිණ නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන, බොරැල්ල පොලිස් ස්ථානයේ හා කොළඹ අපරාධ කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නඩු 08 කට පමණ වරදකරු වී ඇති පුද්ගලයකු වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බඩෝවිට අසංකගේ ගෝලයකු හෙරොයින්, කේරළ ගංජා සහ ආයුධ රැසක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සදහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පො.ප. ඩබ්.ඒ.එම්. ගයන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) බොරලැස්ගමුව පොලිස් වසමේ අංක 156/බී, කනත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයේ දී වැටලීම් 02 ක් සිදුකර ඇත ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 06 ක්, කේරළ ගංජා ග්‍රෑම් 10 ක්, මුදල් රුපියල් 467,000 ක්, කඩු 05 ක් සහ උල් ආයුධයක් සන්තකයේ තබාගෙන සිටි දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරිමේදි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බඩෝවිට අසංක යන අයවළුන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ සිදු කරන බවට තොරතුරු අනාවරණය වූ අතර සැකකරුට විරුද්ධව 2019.08.01 වන දින දෙහිවල පොලිස් වසමේ පිහියකින් ඇන පුද්ගල ඝාතනයක් සිදුකිරීමට අදාළව ගරු ගල්කිස්ස මහ උසාවියෙහි නඩු පවරා ඇති බවටද තොරතුරු අනාවරණය විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments