අලෙවිකරණ ක්ෂේත්රායේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්රීN ලංකාවේ ප්රතමුඛතම සම්මානවැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්ර ධානෝත්සවයේදී මෙරට ප්රමමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘත්තිකයින් විසින් ජාතික තලයේ සම්මාන 02ක් මුල්යt සේවා කාණ්ඩයේ සම්මාන 06ක් සමඟ සමස්ථ සම්මාන 08ක් දිනා ගනිමින් සම්මාන ප්රටධානොත්සවය සදාහරිත හරිත පැහයෙන් වර්ණවත් කිරීමට සමත් විය.
මෙහිදී ශ්රීහ ලාංකීය හරිත වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්ර මුඛය ලෙස සදාහරිත වැවිලි සමාගම සමාන්යධිකාරි දිනේෂ් නිරෝෂන් මානවඩු මහතා General Manager කාණ්ඩය යටතේ ජාතික තලයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම විධායක නොවන (Non Executive)කාණ්ඩයේ සහය කාර්ය මණ්ඩලය සඳහා වන ජාතික තලයේ රිදී සන්නාමය සදාහරිත සමාගමේ ඉෂාන්තිකා ප්රuසංගනී මහත්මිය විසින් දින ගත්තාය.
සදාහරිත සමාගමේ දශක දෙකකට අධික අභිමානය වඩාත් ගෞරවණිය තලයකට තව දුරටත් ඔසවා තබමින් සම්මාන රාත්රිෙය තුළ බැංකු නොවන මුල්යත සේවා කාණ්ඩය යටතේ Front Liner කාණ්ඩයේ රිදී සම්මානය නදීරා නියරිපොල මහත්මියත්, Sales Supervisor කාණ්ඩයේ රිදී සම්මානය නිලුෂිකා රොද්රියගෝ මහත්මියත් එම කාණ්ඩයේම ලෝකඩ සන්නාමය තරංග ලාල් කුමාර මහතාත් දිනාගත්තේය. සිතුම් වනිගසේකර මහතා Sales Executive කාණ්ඩයේ කුසලතා සම්මානය (Merit award) දිනා ගැනීමට සමත් විය. මෙහිදී Territory Manager කාණ්ඩය යටතේ රන් සන්නාමය මලින්ද සේනාධීර මහතා විසින් දිනා ගත අතර එම කාණ්ඩයේම රිදී සන්නාමය රසික මනතුංග මහතා විසින් දිනා ගත්තේය.
ශ්රීේ ලංකා අලෙවිකරණ ආයතනය NASCO Award Ceremony 2023 සම්මාන උළෙල පවත්වන ලද්දේ 22 වන වරට වන අතර සදාහරිත සමාගම මේ සඳහා සහභාගී වූ 06වන වර්ෂය මෙය වේ. 2017 වසරේ සිට සදාහරිත සමාගම අඛණ්ඩව මෙම 06 වසර පුරාම NASCO සම්මාන උළෙලේදී සම්මානයට පාත්ර් වී ඇති අතර සමාගම විශිෂ්ටතම ජයග්රගහණ හිමිකරගත් වසර ලෙසද මෙවර සම්මාන උළෙල සනිටුහන් වේ.
මෙවර සම්මාන උළෙලේදී හිමිකරගත් ජයග්ර හණ පිළිබඳව අදහස් දක්වමින් සදාහරිත සමාගමේ ප්රාධාන විධායක නිලධාරි/ අධ්යගක්ෂ හර්ෂ අබේවික්රහම මහතා මෙසේ ප්රමකාශ කළේය. “සදාහරිත සමාගම ශ්රී ලංකාවේ හරිත ආයෝජන ක්ෂේත්රරයේ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම සුරක්ෂිත කරන ලද සමාගම ලෙස සඳහන් කිරීමට ලැබීම ගැන බෙහෙවින්ම සතුටු වනවා. ඊට හේතුව වනනේ මෙරට ඉතිහාසයේ ප්ර ථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්රඊතිලාභ හිමිකර දෙමින් අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්යඅ වටිනාකම් පිරිනැමිම පසුගිය වසරේදී සිදු කරනු ලැබීමයි. අපගේ වටිනා පාරිභෝගික ප්රාජාව අප කෙරෙහි තබන විශ්වාසයට අප මෙතෙක් පැමිණි කීර්තිමත් ගමන් මග, සමාගමේ මුල්යර ස්ථාවරත්වය, ඉහළ ප්ර තිලාභ මෙන්ම අපගේ සියලුම වෘතිකයන්ගේ වෘත්තිමයභාවය හේතු වී තිබෙනවා.’’
ශ්රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමාගම ශ්රීග ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්රබමුඛයා වශයෙන් දශක දෙකක් පුරා ශ්රීම ලාංකික ජනතාවගේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇත. හරිත ආයෝජන හරහා ජනතාවට ආයෝජන සැලසුම් පිරිනමමින් සමාගම මෙතක් පැමිණි ගමන් මග තුල 48,000කට අධික පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් 30කට අධික ශාඛා ජාලයක් හරහා උසස් හා ගුණාත්මක සේවාවක් ක්රිරයාත්මක කරමින් සිටි.
සදාහරිත සමාගමේ ජාත්ය න්තර, අලෙවි හා විකිණුම් අධ්යික්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා මෙම උත්කර්ෂවත් අවස්ථාව පිළිබඳව මෙසේ පැවසීය. ”සමාගමක් වශයෙන් අපි අපගේ අලෙවිකරණ කණ්ඩායම ඇතුළු සියලු සේවක මඩුල්ලටම සිය වෘත්තීය ජිවිතයේ ඉහළට ගමන් කිරීමට අවශ්යප ත්වැල සැපයීමට නිරතුරුව කැපවී සිටිනවා. අපගේ සභාපති සතිස් නවරත්න මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ශ්රීී ලංකා අලෙවිකරණ ආයතනය හා අප සමාගම අතර පවතින අවබෝධතාවය අනුව මේ වන විට අලෙවිකරණ ජාතික ඩිප්ලෝමාධාරින් 40කට ආසන්න ප්ර මාණයක් සහ අලෙවිකරණය වෘත්තීය පාඨමාලාව (PCM) හදාරා වෘත්තිමය අලෙවිකරණයේ යෙදෙන වෘත්තිකයන් 150කට අධික පිරිසකගෙන් සදාහරිත සමාගම සවිබල ගැන්වී තිබෙනවා.”
සදාහරිත සමාගමේ සාමාන්යාධිකාරී (පුහුණු හා ජාල සංවර්ධන) නිරෝෂන් මානවඩු මහතා සිය සමාගමේ අලෙවිකරණ කණ්ඩායම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “මෙවර සම්මාන උළෙල පෞද්ගලිකව මා හට සුවිශේෂී දිනයක්. මෙම ජාතික සම්මානය සඳහා පාත්ර වීමට මා හට සහය දුන් මාගේ සමාගමේ සභාපතිතුමන් ඇතුළු අධ්යසක්ෂ මණ්ඩලය සහ මගේ සියළුම කාර්යමණ්ඩලයට ස්තුතිවන්ත වනවා. ඒ වගේම මෙවර සම්මාන දිනාගත්මගේ අනෙකුත් සගයන් සියලු දෙනාටම සුබ පතන්නට මෙය අවස්තාවක් කර ගැනීමට කැමතියි.”