23.1 C
Sri Lanka
Saturday, June 28, 2025
Homeදේශීය පුවත්ඕමානයේ රැකියා පෙන්වා මුදල් ගැරූ ජාවාරම්කරු උකුවෙලදී කොටුවෙයි...

ඕමානයේ රැකියා පෙන්වා මුදල් ගැරූ ජාවාරම්කරු උකුවෙලදී කොටුවෙයි…

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඕමානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් (07) අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු ඕමානයේ සුපිරි වෙළඳසැල්වල හා වෙනත් ව්‍යාපාරික ස්ථානවල රැකියා ලබාදීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පස් දෙනෙකුගෙන් රු.2,635,000.00 ක මුදලක් ලබාගෙන ඇති අතර, ඉන් තිදෙනෙකු ඕමානය වෙත පිටත්කර යවා ඇතත් ඔවුන්ටද පොරොන්දු වූ පරිදි රැකියාව හිමිවී නැත. ඔවුන් දිවයිනට යළි පැමිණ ඇති අතර, කාර්යාංශය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව විමර්ශන නිළධාරීන් විසින් මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මෙහෙයවා තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා මීට පෙරද කාර්යාංශ නිළධාරීන් උත්සහ කර ඇතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර, ඊයේ දින මාතලේ, ඇල්ලව හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිළධාරීන් සමත්වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින (2024.01.08) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න, එම්.කේ.සුමනවීර, අමිල පෙරේරා, මධුශාන් විජේවර්ධන, මනෝරි ජයවර්ධන හා ගයේෂා සුභාෂිණි යන නිළධාරීන් එක්විය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments