25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනවගමුවේ ඝාතනයක් සිදුවි ඇති අතර පාදුක්කේ සිදුවු ද්විත්ව ඝාතනයක තොරතුරු පොලිසිය...

නවගමුවේ ඝාතනයක් සිදුවි ඇති අතර පාදුක්කේ සිදුවු ද්විත්ව ඝාතනයක තොරතුරු පොලිසිය සොයාගනි

(එච්.ආර්.ඩි.වීරසූරිය)
නවගමුව පොලිස් වසමේ තුං අඳහේන ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

ගලබොඩ වත්ත කොරතොට ප්‍රදේශයේ නිවසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදනකු එස්.ටී.එෆ්. එකෙන් පවසමින් නිවසේ රැඳි සිටි අයකු නංවාගෙන ගොස් ඇත. අනතුරුව නිවැසියන්ට මෙම අයවලුන් පිළිබඳ සැක ඇතිවු බැවින් ඔවුන් පසුපස ගොස් ඇත. පසුව යතුරු පැදියේ නංවාගෙන ගිය තැනැත්තා කොරතොට වැලිහිංතුඩුව මහවෙල බෝක්කුව ආසන්නයේ හිසෙහි බරපතල තුවල සහිතව වැටි සිටියදි හමුවි තිබේ. අනතුරුව ඔහුව අතුරුගිරිය රෝහල වෙත ඇතුළත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්වු අය වයස අවුරුදු තිස්හතරක් වන අතර කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නවගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර පාදුක්ක පොලිස් වසමේ සිදුව ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ පොලිස් කොට්ඨාසය සමත්වි ඇතත.

ඒ අනුව ඉකුත් මස (25) පාදුක්ක පොලිස් වසමේ තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමකදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදනකු ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොටිඨාසය මගින් විමර්ශන සිදුකරමින් තිබියදි නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව එම අපරාධයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමට අදාල සැකකරුවෙකු (10) උදෑසන දොම්පේ පොලිස් වසමේ ලියනේගම ප්‍රදේශයේදී අත්අඩංගුවගෙන ඇත.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධය විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙහෙයවා ඇති අතර එම අයගේ දැනුම්දීම මත සැකකරු දොම්පේ පොලිස් වසමෙන් යතුරු පැදියක් සොයාගෙන ගොස් කඳාන පොලිස් වසමේදී වෙනත් අයකුට ලබාදී ඇති බවත්, ඝාතනය සිදුකිරීමට සැකකරුවන් එම යතුරු පැදිය භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මොහුගෙන් පොලිසිය සිදුකළ තවත් ප්‍රශ්න කිරීමේදී නවගමුව හා අවිස්සාවේල්ල පොලිස් වසම්වල සිදුවූ වෑන් රථ, ත්‍රීරෝද රථ හා යතුරු පැදි සොරකම් හා කොල්ලකෑම් ආදි මොහු සිදුකළ තවත් අපරාධ රැසක තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවි ඇත. මේ සඳහා සහයෝගය ලබාදුන් සැකකාරියක් පොලිසි අත්අඩංගුවට ගෙන තිබේ. ඇගේ වයස අවුරුදු තිස් දෙකක් වන අතර මොවුන් පිළිබඳ වැඩිදුරු පරීක්ෂණ පොලිසිය සිදුකරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments