(තුෂාර ප්‍රනාන්දු)
යාපනය කෝපායි පොලිස් වසමේදී කිලෝ ග්‍රෑම් 71කට අධික විශාලතම කේරළ ගංජා තොගයක් ත්‍රිරෝද රථයක් යොදා ගනිමින් ජාවාරමේ යෙදුන පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ අනුව විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ පොලිස් පරික්ෂක ඊ.ඒ.ඩබ්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10 ) කෝපායි පොලිස් වසමේ උරුම්බිරායි ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජවාරම් කිරීම සඳහා ත්‍රිරෝද රථයක් මගින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 71.300 ක් ප්‍රවාහනය කරමින් සිටි මාදගල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
ඉතා සුක්ෂමව මහා පරිමානයෙන් අක්කර 05 කට අධික ප්‍රදේශයක් පුරා වගාකර තිබූ ගංජා වගාවක් නවීන ඩෝන තාක්ෂණය භාවිතයෙන් විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොණරාගල කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ මගපෙන්වීමෙන් බුත්තල කඳවුරේ උප පොලිස් පරීක්ෂක පි.එස්.ආර්. ගීතදේව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) කතරගම පොලිස් වසමේ කැබිලිත්ත දකුණ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී විශේෂ කාර්ය බලකාය මගින් නවීන ඩෝන තාක්ෂණය උපයෝගි කරගනිමින් සිදුකරන ලද මෙහෙයුමකදි අක්කර 05 අධික භූමි ප්‍රමාණයක වගා කරන ලද අඩි 10 ක් පමණ උස ගංජා ගස් 650,000 සහිත ගංජා වගාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා ගස් 10 කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශකර ඇත.
