යුක්තිය මෙහෙයුම යටතේ ඉකුත් දෙසැම්බර් මස (17) සිට මාසයක කාලයක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 38,225 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,365 ක් සමගින් මුළු සැකකරුවන් 40,590 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් 73kg 300g,අයිස් 206 kg,කොකේන් 948g,අබිං 49kg 200g,හෂීස් 07kg 200g,ඈෂ් 36kg 200g,ගංජා 655kg,ගංජා පැල 2,992,653,මාවා 136kg 500 g,තූල් 06kg 600g,කුෂ් 01kg 800g,මදන මෝදක 16kg 200g,මත්පෙති 99,908 ක් අත් අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,225 දෙනා අතරින් සැකකරුවන් 1,703 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 1,867 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 225 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,801 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍ය වල වෙළදපල වටිනාකම මිලියන 4791 කට ආසන්න වන අතර, තහනමට ගත් දේපල වල වෙළදපල වටිනාකම මිලියන 725 කට ආසන්න බව අනාවරණය වී ඇත.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,365 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 536 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 1,499 ක්ද සිටි.
ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 149 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 181 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.