21.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්මේ වසරේ නොවැම්බර් මසවනවිට ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි-මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී...

මේ වසරේ නොවැම්බර් මසවනවිට ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි-මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක

2019 නොවැම්බර් 18 අවසන් ඡන්දේ පැවැත්වුනේ.ජනාධිපති වරයාගේ ධුර කාලය අවසන් වෙනවා මෙම නොවැම්බර් මස වනවිට ඒ අවසන් දිනයට මාසයකට හෝ ඊට පෙර මැතිවරණය ප්‍රකාශයට පත් කල යුතුයි

මේ වර්ෂය මැතිවරණය වසරක් බවට ප්‍රකශ වෙනවා 2024 අයවැයෙන් මුදල් වෙන් වෙලා තියෙනවා රුපියල් බිලියන 10 ක්‌ එය අයවැය සම්මත වනවිටත් අනුමත වෙලා තියෙනවා

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට කොමිෂන් සභාව අවශ්‍ය කටයුතු කරාට අනෙකුත් පාර්ශවත් ඒ පිළිබඳ කටයුතු කලයුතුයි

නාම යෝජනා අවසන් වී සති හතරකින් දිනය නියම කිරීමේ බලය තියෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණය මුද්‍රණ දෙපාර්තමේන්තුව මුද්‍රණ කටයුතු සිදුකිරීමේදී යම් තත්වයක් ඇති වුණා ඒ පිළිබඳ අධිකරණයේ නඩුවක් පවතිනවා. ඒ ගැන අධිකරණය විසින් තීන්දු කරයි ඒ සිදුවීම සම්බන්ධයෙන් කුමක්ද වුණේ කියලා

ඇප මුදල් වල ප්‍රමාණය වෙනස් වෙලා නැ ඒ වගේම අලුතින් පක්ෂ ලියාපදිංචි කිරීමක් සිදුවෙන්නේ නැ අපි තාක්ෂණය භාවිතා කරනවා නමුත් මැතිවරණයකදී අවශ්‍ය වෙන්නේ ජනතා විශ්වාසය

දැනට තියෙන නිතිය අනුව ඇප මුදල් තැන්පත් කිරීමේදී දේශපාලන පක්ෂයක් නම් 50000 ක්‌ ස්වාධින අපේක්ෂකයෙක් නම් 750000 ක්‌ නමුත් අපි ඉල්ලීමක් කරලා තියෙනවා මෙවර දේශපාලන පක්ෂයක් නම් ලක්ෂ 25 සහ නොගෙවන රුපියල් ලක්ෂයක් ද ස්වාධීන කණ්ඩායමක් නම් රුපියල් ලක්ෂ 30 ද ආපසු නොගෙවන රුපියල් ලක්ෂයක් ගෙවිය යුතුයි. මෙය ව්‍යවස්ථා දායක සභාව අනුමත කළොත් එය ඉදිරියට නීතියක් බවට පත්වෙනවා.

දේශපාලන පක්ෂයක ඕනෑම කෙනෙකුට තරඟ කරන්න පුළුවන් ස්වාධින පක්ෂයකින් ඉදිරිපත් වෙන්නේ බොහෝ දුර‍ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් හෝ පාර්ලිමේන්තු නියෝජනය කරපු අයෙක්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments