29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රතුකුරුස ස්වෙච්ඡා සේවය ඇගයීම බදුල්ලෙන් ආරම්භ කෙරේ..

රතුකුරුස ස්වෙච්ඡා සේවය ඇගයීම බදුල්ලෙන් ආරම්භ කෙරේ..

දිවයිනේ පුළුල්තම ජාලයක් සහිත මානුෂීය ආධාර සේවා හා සමාජසේවා කටයුතු ක්‍රියාත්මක කරන සංවිධානයක් වන ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සිය ස්වේච්ඡා සේවා සාමාජික භවතුන්ගේ සේවය ඇගයීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරයි.

විවිධ ස්වභාවික ආපදා අවස්ථාවන්,ආගමික හා ජාතික උත්සව අවස්ථාවන් හා මහජනතාව විශාල වශයෙන් රැස්වෙන පොදු උත්සව අවස්ථාවන්හි දී ඒ පැමිණෙන ජනතාවන්ට අවශ්‍ය හදිසි සෞඛ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා සේවා සම්පාදනයේ නිරත වන ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ස්වේච්ඡා සේවකයන්ගේ සේවය ඇගයීම දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කටයුතු ආරම්භ කර ඇතැයි ඒ ජේෂ්ඨ උපසභාපති ජගත් අබේසිංහ මහතා පවසයි.

“රතුකුරුස සමාජයේ ඔබට සේවය කිරීමට ඉදිරිපත් වන මේ ස්වේච්ඡා සේවකයන්ට ගෙවීමක් කරන්නේ නැහැ.ඒ ඔවුන් හා ඔවුන්ගේ සේවය වටිනාකමක් නැති එකක් නිසා නොව, ඔවුන් ඉටුකරන ඒ මෙහෙවර මිල කළ නොහැකි නිසා බව ජගත් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, පසුගියදා (පෙබ.4) බදුල්ල දිස්ත්‍රික්කයේ ස්වේච්ඡා සේවක ඇගයීමේ උත්සවයට සහභාගි වෙමින්ය.
මෙහි දී ස්වේච්ඡා සේවක භවතුන් සියයකට ආසන්න පිරිසකට සේවා ඇගයීම් සම්මාන ප්‍රදානය කළ අතර,වසර පහළොවක් පුරා බදුල්ල දිස්ත්‍රික්කයේ රතුකුරුස ස්වේච්ඡා සේවයේ යෙදී සිටි ජේෂ්ඨ ස්වේච්ඡා සේවකයන් රැසක් ද එම අවස්ථාවට එක්වීම සුවිශේෂ කරුණක් බව බදුල්ල රතුකුරුස ශාඛාවේ සභාපති රංජිත් ලියනගේ මහතා පවසයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ මහත්මිය,එහි මධ්‍යම පාලක මණ්ඩල සාමාජිකයන් වන උපාලි සිරිමාන්න මහතා, වෛද්‍ය අනුර ඒකනායක මහතා, සාමාජිකා M.D. සුභද්‍රා මෙනවිය අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය
යන අය ද සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments