26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මෙරට වෙළඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීමේ වැඩසටහනක් හෙට (17) දා

මෙරට වෙළඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීමේ වැඩසටහනක් හෙට (17) දා

ජාත්‍යන්තර වෙළඳ ආර්ථිකයන් සමඟ ගමන් කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාරික හා බැංකු ක්ෂේත්‍රයන් වෙත වෙළඳ මූල්‍යකරණයට අදාළ ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් පෙබරවාරි 17 වෙනිදා කොළඹදී පැවැත්වෙන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව නිවේදනය කරයි.

වෙළඳ මූල්‍ය අධ්‍යාපනයේ ලොව ප්‍රමුඛයා ලෙස සැලකෙන සිංගප්පූරුවේ ICC ඇකඩමිය සහයෝගය ඇතිව සංවිධානය කෙරෙන මෙම වැඩමුළුවේ ප්‍රධාන පුහුණු කරු ලෙස බැංකු වෙළඳ මූල්‍යකරණයේ දශක දෙකක අත්දැකීම් ඇති ටැට් යීන් යැප් (Tat Yeen Yap) මහතා සහභාගි වනු ඇත.

වෙළඳ ඩිජිටල්කරණය පිළිබඳ විශ්ලේෂණයක් සමගින් UCPDC,URDG සහ ISBP ඩිජිටල් යෙදවුම් පිළිබඳ මෙරට වෙළඳ,වාණිජ හා බැංකු ප්‍රජාව දැනුවත් කරමින් වෙළඳ මූල්‍ය පිළිබඳ මෙම වැඩ මුළුව පැවැත්වෙන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා කාර්යාලයේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකාවට විශේෂිත වූ බැංකු කටයුතු, ජාත්‍යන්තර බැංකුකරණය,වෙළෙඳ මූල්‍ය සහ මූල්‍ය රෙගුලාසි පිළිබඳ වන ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව ශනිල් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම වැඩමුළුව පිළිබඳ වැඩිදුර විස්තර 0719233078 හෝ 2494647 දුරකථන ඔස්සේ ලබාගත හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments