කොළඹ නගර සීමාවේ කොවිඩ් ආසාදිත ව්‍යාප්තිය සම්බන්ධයෙන් කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කරුණු පැහැදිලි කළාය.
කාන්තාවන්ගේ සනීපාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මේ වන විට වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ද ඇය පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කොළඹ පුරපතිනි,
“අපි පීසීආර් පරීක්ෂණ 704ක් සිදුකර තිබුණා ඊයේ දවසේ 61ක් ආසාදිතයින් බවට පොසිටිව් වෙලා තියෙනවා. ඒ වගේම අපි ඇන්ටිජන් පරීක්ෂණ 1710ක් කරලා තියෙනවා. 118ක් පොසිටිව් වෙලා තියෙනවා ඊයේ දවසේ කොළඹ නගරසභා සීමාව තුළ කොවිඩ් – 19 මුළු ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 8,879ක්. කොළඹ නගරයේ සිදුවුණ මරණ 76ම යම්කිසි නිදන්ගත රෝගයක් හේතුවෙන් සිදුවුණ මරණ හැටියට තමයි හඳුනාගත්තේ. ඒ නිසාම අපි නිදන්ගත රෝග තියෙන අයට කියන්නේ විශේෂයෙන්ම වහාම තමාට අවශ්‍ය කරන ප්‍රතිකාර සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. කොළඹ නගරය හුදකලා කරපු නිරෝධායනයට ලක්වු ප්‍රදේශවල පවුල් 70,000කට වියළි ආහාර කොළඹ මහනගර සභාව විසින් ලබා දීලා තියෙනවා. තවත් 35,000කට ලබා දීමට ඉදිරියේ දී ලබා දීමට කටයුතු කරනවා පෞද්ගලික අංශයේ සහය සමග. පවුල් 13,000කට මහජන ආධාර 1000 – 2500ත් අතර මුදලක් ලබා දෙන්න ඊයේ කටයුතු කළා. ඊළඟ දින 3 – 4 තුළ අපි ඒ මුදලත් ලබා දෙනවා. මීට අමතරව කාන්තාවන්ට සනීපාරක්ෂක කට්ටල හා මුඛ ආවරණ ලබා දෙන්න වැඩපිළිවෙලක් කරගෙන යනවා.“