බ්‍රහස්පති සහ සෙනසුරු මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකිය හැකිවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
එදිනට එම ග්‍රහ ලෝක දෙක එක්ව අසන්න වශයෙන් විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකි බව ද ඒ මහතා සඳහන් කරයි.
හිරු බැස යෑමෙන් පසු රාත්‍රී 8.45 ට පමණ ග්‍රහලෝක බැසයාමට පෙර මේ දිනවල බටහිර අහස දෙස බැලිය හැකි නම් ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව ඔබට පෙනෙනු ඇත.
2020 දෙසැම්බර් 21 වන දින ග්‍රහලෝක දෙක, අංශකයකින් දහයෙන් එකක් පමණ එනම් කලා 6.1 තරම් අසන්නයට පැමිණේ.
මිට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීපවූයේ මීට වසර 397කට පෙර එනම් 1623 ජූලි 16 වන දිනය. ඒ කලා 5 කින් පමණය.
2080 මාර්තු 15 වන දින ද අපට මෙවැනිම වූ කලා 6 ක ආසන්න වන ග්‍රහ සංයෝජනයක් දැකිය හැකි වනු ඇතැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
මේ අතර, වසරක් පාසා දෙසැම්බර් 4 – 17 දක්වා වු කාලය තුළ දිස්වෙන ජෙමිනිඩ් නම් වු උල්කාවර්ෂාවේ උච්චතම අවස්ථාවෙ 13 වන දින රාත්‍රීයේ දී දිස්වෙන බව ද චන්දන ජයරත්න මහතා පවසයි.
එමෙන්ම මෙම වර්ෂයේ දී ඇතිවීමට නියමිත අවසාන සූර්යග්‍රහණය දෙසැම්බර් මස 14 වන දා ඇති වේ.
සුර්යග්‍රහණයේ අර්ධ අදියර මෙරට වේලාවෙන් රාත්‍රී 7.04 ආරම්භ වන ආරම්භ වන අතර පුර්ණ සුර්යග්‍රහණය උපරිම අවස්ථාව රාත්‍රී 9.43ට සිදුවනු ඇත.
මෙම සූර්යග්‍රහණය ලංකාවට දිස්නොවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.