29.6 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්ගංවතුරින් විපතට පත් මාතර දරුවන්ට රතු කුරුසයෙන් පාසැල් පොත්.

ගංවතුරින් විපතට පත් මාතර දරුවන්ට රතු කුරුසයෙන් පාසැල් පොත්.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඇතුව ගංවතුරෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පාසල් පොත් හා උපකරණ බෙදාදීම (24) රතු කුරුස සමාජයේ ජේෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාගේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මාතර මාතර සණස ශාලාවේ දී පැවැත්වුණි.
ශ්‍රි ලංකා රතු කුරුස සමාජයේ මාතර ශාඛාව මගින් සංවිධානය කෙරුණ මෙම උත්සවයේ දී පාසල් දරුවන් දරුවන්, (2100) දෙදහස් එක සියයකට මෙම පාසල් උපකරණ බෙදාදීම ආරම්භ කෙරිණ.
මේ සඳහා අන්තර් ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මූල්‍ය දායකත්වය ලැබුණ බව මාතර දිස්ත්‍රික් සභාපති වෛද්‍ය කිත්සිරි මාලිකාරච්චි මහතා පවසයි.

මෙම අවස්ථාවට මාතර ශාඛා ලේකම් එස්. බෙල්පගේ මහත්මිය ඇතුළු ශාඛා කමිටුව,ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරුන් , ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් අනෙකුත් රාජ්‍ය නිලධාරීහු ද පාසල් රතු කුරුස සාමාජිකයින්,ස්වේච්ඡා සේවකයින් ද දෙමාපියන් ද සහභාගි වූහ.

ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජේෂ්ඨ උපසභාපති ජගත් අබේසිංහ පාසල් උපකරණ කට්ටලයක් දරුවෙක්ට ප්‍රදානය කිරීම.ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මාතර දිස්ත්‍රික් සභාපති වෛද්‍ය කිත්සිරි මාලිකාරච්චි මහතා ද පොත් ලබාගත් දරුවන් ඡායාරූපයේ වෙති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments