මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ ප්‍රතිපාදන අනුව ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.
ඒ මහතා අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රදානය කර තිබේ.
මෙම පත්කිරීම සිදුකර තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුවය.
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පසුගිය 2023 වසරේ නොවැම්බර් 29 වනදා, මාස තුනක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබූ අතර ඒ අනුව ඔහු මෙතෙක් එම ධුරයෙහි කටයුතු කරනු ලැබීය.
1998 පෙබරවාරි 23 වැනිදා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකි.
වැඩබලන පොලිස්පතිධුරයට පත්වීමෙන් පසුව මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල මර්ධනය වෙනුවෙන් ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි යුක්තිය මෙහෙයුම බොහෝදෙනාගේ පැසසුමට ලක්වුණි.
ඒ මහතා 1971 මාර්තු මස 07 උපත ලබා තිබෙන අතර කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා අනතරුව 1996 කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍රවේදී උපාධිය හා 2014 කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත. 1998 පෙබරවාරි 23 සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිස් සේවයට එක්ව 2006දී පොලිස් අධිකාරි තනතුරටද 2011දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි2016දී නියෝජ්‍ය පොලිස්පති තනතුරටද 2020දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරටද උසස්වීම් ලබා තිබේ. වසර 26ක සේවා අත්අත්දැකීම් ඇති ඒ මහතා ශ්‍රි ලංකාවේ පොලිසියේ ප්‍රාදේශීය කොට්ඨාස රැසකද කොට්ඨාස භාර නිලධාරිකයකු ලෙස රාජකාරි ඉටුකර තිබේ.