කොළඹ වික්‍රමපාල
මේ වන විට රට පුරා ආන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ සමස්ත කාර්ය මණ්ඬලයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන්අපි දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය හැටියට දකින්නේ වැටුප් වැඩි කර ගැනීම සාධාරණ ඇති මොකද ඒ අය තමයි රටේ ආර්ථිකය ගැන දන්නවා කියන්නේ
ඒ අය තමයි රටේ ආර්ථිකය මෙහෙයවන්න උපදෙස් දෙන්නේ.එහෙම උපදෙස් දෙන අය දන්නවා ඇති රට බංකොලොත් නැහැ කියලා
රටේ ආර්ථිකය වැටුප් ගෙවීමට හැකියාවක් තියෙනවා කියලා හැබැයි ඒ අය වැටුප් වැඩි කරගන්නේ ඒ අයට ජීවත්වීම පිළිබඳ ගැටළුවක් තියෙන හින්දා ඒ අයගේ භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම සඳහා දරුවන්ගේ අධ්‍යාපන වියදම් සඳහා ඇතුළු සියලු වියදම් ඉහළ ගිහිල්ලා ඇති බව ඒ අයත් දන්නවාඒ නිසා ඔවුන්ගේ වැටුප් වැඩිකරගෙන තියෙනවා. ඒ නිසා රටේ අනිත් වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩිවිය යුතුයිශ්‍රී ලංකා මහ බැංකුව කාර්ය මණ්ඬලය දන්නවා රට මේ වෙලාවේ අර්බුදයක තියෙනවා කියලා
ලංකාවේ අනෙකුත් සේවයකයන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ආදර්ශයක් දීල තියෙනවාඅප රජයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිකර අනුපාතය හෝ ඊට වඩා වැඩි අනුපාතයකට සමස්ත සේවකයින්ගේම වැටුප් වැඩි කළ යුතුයි කියන එකඅපි දන්නවා මේ වැටුප් වැඩි කිරීමට පෙර ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවකයින්ගේ විශාල වැටුපක් ලැබුවාරාජ්‍ය සේවය හෝ පෞද්ගලික සේවය සියලු දෙනාගේ වැටුප් වැඩි විය යුතුයි
රට බංකොලොත් වෙන්න උපදෙස් දෙන්න ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව නේ දැන් රට බංකොලොත් නැති හින්ද වෙන්න ඇති ඒගොල්ලන් පඩි වැඩි කර ගත්තේඑහෙමනම් රටේ අනෙකුත් ජනතාවගේත් පඩි වැඩි කිරීම තමයි මේ වෙලාවේ විය යුත්තේමෙතන ස්වාධීන ආයතන ද ඒ කතන්දර අවශ්‍ය නැහැ.