28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ඊයේ වාර්තා වු කොවිඩ් රෝගීන්ගේ තොරතුරු

ඊයේ වාර්තා වු කොවිඩ් රෝගීන්ගේ තොරතුරු

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 30,613ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ නව ආසාදිතතතයින් 538 දෙනෙකු හඳුනාගැනීමත් සමගය. එයින් ආසාදිතයින් 304ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 38ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28ක් ලෙස ආසාදිතයින් වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 68 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වන අතර, එක් පුද්ගලයෙක් විදෙස් ජාතික නාවික ආරක්ෂක නිලධාරියෙක් වේ.

මේ අතර මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 26,981ක් දක්වා ඉහළ ගියේය. ඉන් පුද්ගලයින් 18, 853ක් පූර්ණ සුවය ලබා සිටී. 

මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 8,206ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ද කොවිඩ් නයින්ටීන් මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146කි.

නිරෝධායන මධ්‍යස්ථාක 65ක පුද්ගලයින් 6,896ක් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 14,416ක් සිදුකර ඇති බවත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments