26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොවිඩ් දේහ භූමදානයට විශේෂඥ උපදෙස් මත භූමියක් තෝරා ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

කොවිඩ් දේහ භූමදානයට විශේෂඥ උපදෙස් මත භූමියක් තෝරා ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

සෞඛ්‍යයට බලපාන කරුණු හේතුවෙන් ජාතීන් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ගවල ජනතාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදානය කළ හැකිදැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම හමුවට අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍යවරයා කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා විශේෂඥයින්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නා ලෙස ද උපදෙස් ලබා දී තිබේ.

කෙසේවෙතත් දැනට මෙම වෛරසයෙන් මියයන පුද්ගලයෙකුගේ දේහයන් තුළ මෙම වෛරසය දින 36ක පමණ කාලයක් පවතින බව සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සහය ලබාදෙන ලෙස ද එම අවස්ථාවට පැමිණ සිටි සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments