යාපනය සහ කන්කසන්තුරේ පොලිස් කොට්ඨාසයේ (17) ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා මෙම අදහස් පළ කළේය.
“අද අපි මෙහි පැමිණීමට හේතුව මං හිතන්නෙ පොලිස්පති තුමා පැහැදිලි කරල දුන්නා. අපි මේ යුක්තිය මෙහෙයුම ගැන ඔබ සියළු දෙනාට විස්තර සහිතව පොලිස්පති තුමා සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැහැදිලි කරල දුන්නා. එම නිසා මං ඒ විස්තර නැවත නැවත කියන්න ලැහැස්ති වෙන්නෙ නෑ .
අප රටේ උග්‍රව පවතින ප්‍රශ්නයක් තමයි මේ කුඩු ප්‍රශ්නය සහ පාතාලය. ඒ ප්‍රශ්න දෙකට විසඳුමක් හොයන්න මේ යුක්තිය මෙහෙයුම අටන් ගත්තෙ. ඒ මෙහෙයුම පටන් ගත්තෙ ඔබ සියලු දෙනා වෙනුවෙන්. ඔබ සියළු දෙනාගේ දූ දරුවන් බේරාගන්න.
මේ රට අවුරුදු දහස් ගාණක් කැඩිල තියෙනව මේ ප්‍රශ්නය නිසා. අපි ඒ බිය නැති කරන්න තමයි මේ මෙහෙයුම පටන් ගත්තෙ. එතකොට අපි ඔබ සියළු දෙනාගෙන් බලාපොරොත්තු වෙන්නෙ අපි සමග එකතු වෙලා මේ කර්තව්‍යට උදව් කරන්න. ඒක අපිට කරන උදව්වක් නෙවෙයි, ඔබ ඔබට කරන උදව්වක්. ඔබලගෙ දූ දරුවන්ට කරන උදව්වක්. ඔබලගෙ පවුල් වල මේ කුඩු බොන්න පුරුදු වෙලා ඉන්න උදවියට කරන උදව්වක්. ඔබ සියළු දෙනාගේ මේ පවුල් බේරාගැනීමට කරන උදව්වක්. එම නිසා අපි මේ මෙහෙයුම දියත් කරපු දවසේ ඉඳන් අපි බොහොම දැඩි තීන්දු අරගෙන ඉදිරියට ඇවිත් තියෙනව.
මම මේ පළාතෙ ජනතාව ගැන හොඳට දන්නව.මම වසර 2002, 2003, 2004, 2005 ඔය අවුරුදු වල මේ පළාතේ සෑම ප්‍රදේශයකටම ගිහිල්ලා මහ ජනතාව සමග සම්බන්ධ වෙලා තියෙනව. මම ඊයෙ කිව්ව වගේ, මේ පළාත් වලට කිසිම Mobile Service එකක් තිබුණෙ නෑ , ජංගම දුරකථන තිබුණෙ නෑ. මම තමයි මේ පළාතට ගෙනාව මට මතක විදිහට 2003 වසරෙ. මම ඒ වැඩ කොටස ඔබල වෙනුවෙන් කරන්න ගිහිල්ල එවකට රජය විසින් මාව LTTE එකට සල්ලි දුන්න කියල හිරෙත් දැම්මා. ඉතිං මම මේ පළාත් වල ජනතාව ඒගොල්ලන්ගෙ ජීවිත රටාව හොඳට අදුනන කෙනෙක්.ඉතිං මම දන්නව මේ පළාතෙ ජනතාව කිසිම විටක ඔය කුඩු බොන එක , කුඩු විකුණන එක, පාතාලෙ , කඩු කිණිසි අරගෙන කපා කොටාගන්න වගේ කිසි දේකට කැමති නැති බව. ඒක නිසා මම අද එක පොරොන්දුවක් දෙනව. මේ පළාත් වල කුඩු නැති කරන්න, පාතාලෙ නැති කරන්න අපි ගන්න පුළුවන් තදම තීන්දු අරගෙන ඒ දේ නැති කරනව. ඒ සියළු දේට ඔබ සියළුදෙනාගේම සහයෝගය අවශ්‍යයි. ඔබ සැමට කරන්න පුළුවන් ලොකුම දේ තමයි අපිට තොරතුරු සපයන එක. අපි දුරකථන අංක ලබා දීලා තියෙනව කිසිම බයක් නැතුව ඒවට කථා කරල තොරතුරු දෙන්න. ඒ මොකෝ අපිට වඩා ඔබ තමයි තම තමන්ගේ ගම් නගර වල කුඩු විකුණන්නේ කවුද, චණ්ඩි ඉන්නෙ කවුද, පාතාලෙට සම්බන්ධ කවුද කියල දන්නෙ අපිට වඩා ඔබ සැම. ඒක නිසා අපිට ඒ තොරතුරු ලබා දුන්නොත් කිසිම බලපෑමකට යටත් නොවී , කිසිම දේශපාලන බලපෑමකට යටත් නොවී මේ කර්තව්‍ය කරන්න මම පොරොන්දු වෙනව. මම දිගින් දිගටම කුඩු විකුණන උදවිය්ටත්, පාතාල වලට සම්බන්ද උදවියටත් පණිවිඩයක් දීල තියෙනව, ඒගොල්ලන්ට මම දිගින් දිගටම කියල තියෙන්නෙ කරුණාකරල මේ දේවල් නවත්වන්න , නැත්තං අපි තදින් ක්‍රියා කරනව. තදින් ක්‍රියාකරන වෙලාවට ඒගොල්ලන්ට එච්චර හොඳක් වෙන්නෙ නෑ කියන එක.
ඉතිං අපි සියළු දෙනාටම එකට අත්වැල් බැඳගෙන මේ මෙහෙයුම සාර්ථක කරගන්න ක්‍රියා කරමු. අපි මේ පළාතම කුඩු නැති පළාතක් කරමු. පාතාලය නැති පළාතක් කරමු. ඒ දේ කළ හැක්කේ අපි සියළු දෙනාම එකට අත්වැල් බැඳගත්තොත් පමණයි. ඉතිං මම කියන්නෙ අපිත් එක්ක එකතු වෙන්න, එකතු වෙලා අපිට උදව් කරන්න මේ මෙහෙයුම කරල මේ මඟින් ඔබලාගේ පවුල් වල සියළු දෙනාම බේරාගන්න හැකි වන පරිදි අපිට ක්‍රියා කළ හැකියි. පොලිසියයි හමුදාවයි එක පවුලක් වගේ වැඩ කරනව.අපි ඕන එකකට මුහුණ දෙන්න ලෑස්ති වෙලයි ඉන්නෙ. 2022කේ ඔබ සියළු දෙනාට මතක ඇති මේ රටේ තිබුණ තත්වය. ඒ වෙලාවෙ තමයි මම මේ ඇමතිකම භාරගත්තෙ. විපක්ෂයේ හිටපු මන්ත්‍රී කෙනෙක් හැටියට ඉන්න්කොට මට ආරාධනා කෙරුවම මම ඇමතිකම භාරගත්තෙ. ඉන්පසු තමයි වර්ථමාන ගරු ජනාධිපති තුමා එතුමත් ජනාධිපති වෙලා මේ ප්‍රශ්න සියන්න විසඳන්න බාරගත්තෙ. එතුමා තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳන ගමන් එතුමා මට කිව්වෙ කොහොමහරි නීතිය හා සාමය ස්ථාපිත කරන්න කියල මේ රටේ. මුළු රටම හැම තැනම ගිනිගන්න වෙලාවක මම මේ ඇමතිකම භාරගත්තෙ ඒ අභියෝගය භාර අරගෙන මේ රටට යම්කිසි දෙයක් කරන්න . ඉතිං අපි මේ අවුරුදු දෙකකට කිට්ටු වෙන කාලෙක මං හිතන්නෙ ඔබ සියළු දෙනා පිළිගනියි අපි ලොකු වෙනසක් කරල තියෙනව 2022කේ ජූලි මාසෙ ඉඳන් දැන් වෙනකොට. මම දන්නව මෙහෙ ජනතාව යුද්ධය නිසා කොච්චර දුක් වින්දද කියල. අපි ඒ සියළු දේ පසක තියල කළ යුතු දේ ඉස්සරහට හොඳින් ජීවත් වෙන්න පුළුවන් වාථාවරණයක් හදන එක අපේ යුතුකමක්.”
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, රාජ්‍ය නිලධාරින්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

