21.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPරෝහණ බැද්දගේ මහතා රන්වල බලකාය සමග ගායනා කරන අවුරුදු ගීතයක් විකෘති කර...

රෝහණ බැද්දගේ මහතා රන්වල බලකාය සමග ගායනා කරන අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට

ප්‍රවීන ගායන ශිල්පි රෝහන බැද්දගේ මහතා ගායනා රන්වල බලකාය සමග ගායනා කරනුලබන අවුරුදු සමයේ නිරන්තරව විකාශය වන සූරිය මංගල්‍ය ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමක් සම්බන්ධව පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා වෙත කරන ලැබු පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය මගින් විමර්ශනයක් සිදුකර (16) වාරියපොල පිහිටි ඉහත ඒකකයේදී අදාල සැකකරුවකු අත්අඩංගුවගෙන වාරියපොල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක්වු තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙකි.

සැකකරු (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments