නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින නාවිකයින් හට සේවයෙන් ඉවත් වීම සඳහා 2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීම
මෙම පොදු සමාව 2023 දෙසැම්බර් මස 31 දින හෝ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද නාවිකයින් [සියළුම ශිල්පීය අංශ වලට අයත් නාවිකයින් හට (Artificers) සහ වෘත්තිමය වෛද්‍ය/ වෘත්තිමය දන්ත (Professional Medical/ Professional Dental) අංශයේ නාවිකයින් හැර] ඉහත කාලසීමාව තුල ළඟම ඇති නාවික හමුදා කඳවුර වෙත රපෝර්තු කිරීමෙන් ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා සලකා බලනු ලැබේ.
ඉහත පොදු සමාව යටතේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර, දැනට විදේශගතව සිටින නාවිකයින් හට [සියළුම ශිල්පීය අංශ වලට අයත් නාවිකයින් (Artificers) සහ වෘත්තිමය වෛද්‍ය/ වෘත්තිමය දන්ත (Professional Medical/ Professional Dental) අංශයේ නාවිකයින් හැර] නැවත රපෝර්තු කිරීමකින් තොරව නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අවස්ථාව හිමිවේ.
මෙම පොදු සමා කාලය තුලදී විදේශගතව සිටින නාවිකයින් විසින් සේවයෙන් ඉවත්වීම සඳහා අයදුම් කිරීමේදී [email protected] යන විද්‍යුත් ලිපිනය වෙත පහත දක්වා ඇති තොරතුරු ඉදිරිපත් කල යුතු වේ.