28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්බේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු

බේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු

නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් ලබන වසරේ සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, ආනයනික මාගරින් සඳහා මෙතෙක් පැවති රුපියල් 200 ක බද්ධ රජය විසින් රුපියල් 600 දක්වා ඉහළ නංවා ඇති බවය.

මේ හේතුවෙන් බේකරි නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර පවතින ගැටලුව පිළිබද බලධාරීන් දැනුම්වත් කරන බව එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.

“මාස 6කට පෙර ලංකාවේ මාගරින් කිලෝවක් 200ක බද්ධ රුපියල් 600 දක්වා වැඩි කරා. බද්ධ වැඩි කළා කියන්නේ මාගරින් ලංකාවට ගෙන්වීම තහනම් කරා හා සමානයි. මේ තීරණය ගත්තේ ලංකාවේ තියෙන නිෂ්පාදකයින්ගේ ඉල්ලීම මත තමයි ගන්න ඇත්තේ. ලංකාවේ මේක දියුණු කරන්න ඕනේ කියලා තමයි අපිට කිව්වේ. දැන් අපිට ආරංචි හැටියට ජනවාරිවල තවත් වැඩිවෙනවා. මේකේ අහිතකරම ප්‍රතිඵලය තමයි, මාගරින්වලට අමතරව බේකරිවලට ඒ වගේම අවශ්‍ය වෙනවා මේදය. නමුත් ඒකේ රුපියල් 600 මාස 6කට අත්හිටවු නිසා මෙච්චරකල් ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් මේ දෙසැම්බර් මාස 20 න් පස්සේ මාස 6 අවසන් වෙනවා. පිටරටින් ආනයනය කිරීම මේ වන විට නවත්වලා තියෙන්නේ. බදු ගහයි කියලා බයට. මේ පිළිබඳ යම් විසඳුමකට එන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නොවුනොත් බේකරි නිෂ්පාදනවල මිල ලබන වසරේ අනිවාර්යෙන් ඉහළ දැමීමට සිදුවෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments