26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොරෝනා ආසාදිත කාන්තාව රැකියාව කළ ඇගළුම් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේ 400 දෙනෙක් සේවය...

කොරෝනා ආසාදිත කාන්තාව රැකියාව කළ ඇගළුම් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේ 400 දෙනෙක් සේවය කරලා

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වී ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව මිනුවන්ගොඩ, යකාදුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි සේවිකාවක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කර සිටිනවා.

මෙම 39 හැවිරිදි කාන්තාව රැකියාව කරන එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ පිහිටි වායු සමීකරණය කළ එම ගොඩනැගිල්ලේ සේවක සේවිකාවන් 400 දෙනෙකු සේවය කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. 

මේ වන විට එම පිරිස් කවුරුන්දැයි හඳුනාගෙන ඇති අතර ඔවුන්ව නිවෙස් වෙත ගොස් දැනුවත් කිරිමේ වැඩකටයුතු ආරම්භ කොට ඇති බවත් මෙම සේවිකාව සමග බස් රථයේ ගමන් කළ 40 දෙනෙකු පමණ නිවෙස් නිරෝධායනයට යොමු කොට ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

කොරෝනා ආසාදිත මෙම කාන්තාවගේ පවුලේ සාමාජිකයින් වන ඇයගේ ස්වාමිපුරුෂයා, දරුවන් සිව්දෙනා සහ ඇයගේ පියා මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති අතර ඇගේ එක් දරුවෙකු හට සෙම්ප්‍රතිෂ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බවට දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

මෙම කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ එම ඇඟළුම් කම්හලේ ගොඩනැගිල්ල දැනට මුද්‍රා තබා ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments