සිලෝන් ටී නමින් විදෙස් රටවල ප්‍රසිද්ධියට පත් ව ඇති ශ්‍රී ලංකාවෙ තේ වලට ඇති ඉල්ලුම පහත හෙලන කසල තේ ජාවරම පසු පස හබා යන විශේෂ කාර්ය බලකාය බලපත්‍ර නොමැතිව කසල තේ කිලෝග්‍රෑම් 17.800ක් නැවත සකස් කොට මුදලට අලෙවි කිරීම සදහා සූදානම් කරමින් සිටි අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන්. ප්‍රනාන්දු මහතා මහතාගේ අධික්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ උප පොලිස් පරික්ෂක එන්.ජී.එන් දිසාන්ත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29 ) තලවකැලේ පොලිස් වසමේ වටගොඩ නගරයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව කසල තේ නැවත සකස් කොට මුදලට අලෙවි කිරීම සදහා සූදානම් කරමින් සිටි වටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක් වන පුද්ගලයකු කසළ තේ කිලෝ ග්‍රෑම් 17.800 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගිණිගත්හේන, නුවරඑළිය තේ පර්යේෂණ කාර්යාලයේ තේ පරීක්ෂක නිලධාරි වරුණ කහවත්තේ නිලධාරීයා වෙත භාර දී ඇත.
සිලෝන් ටී නමින් ජාත්‍යාන්තරයේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවෙ තේ වලට ඇති ඉල්ලුම පහත හෙලීමට මෙම කසල තේ මගින් සිදුවන හානිය අතිමහත්ය. මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින විශේෂ කාර්ය බලකාය නිරන්තරයෙන් මෙම කසළ තේ ජාවාරම් කරුවන් සම්බන්ධව විමසිලිමත්ව සිටිමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලබයි. මේ වනවිට විශේෂ කාර්ය බලකාය මෙවැනි වැටලිමි බොහෝ ප්‍රමාණයක් සිදුකර ශ්‍රී ලංකාවෙ ප්‍රධාන විදෙස් විනිමය ගෙන එන තේ කර්මාන්තය සුරකීමට සෘජු දායකත්වයක් ලබා දී ඇත.