25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් රිදී මංජුසාවක් සමග ජාවාරම් කිරීම...

කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් රිදී මංජුසාවක් සමග ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මඩකලපුව ප්‍රදේශයේ දී STF දැලේ .

විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ගිහාන් මහතාගේ මගපෙන්වීමෙන් කල්මුණ කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.සී.එස්. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) මඩකලපුව පොලිස් වසමේ, පුලියන්තිව් ගාන්ධි ළමා උද්‍යානය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු 11ක් සමග රිදී මංජුසාවක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි චෙංකලඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන කටයුතු සදහා මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments