23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විදෙස් රටවල හමුදාවේ රැකියා සඳහා කිසිසේත් යොමුවෙන්න එපා-ඇමති මනුෂ මෙරට තරුණයින්ගෙන් ඉල්ලයි...

විදෙස් රටවල හමුදාවේ රැකියා සඳහා කිසිසේත් යොමුවෙන්න එපා-ඇමති මනුෂ මෙරට තරුණයින්ගෙන් ඉල්ලයි…

මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා ශ්‍රි ලාංකික තරුණයින් යොමු කරවීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බවත්, අදාල ජාවාරම සඳහා හසුනොවන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රි ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

සංචාරක වීසා මගින් රැසියානු හමුදා සේවයට එක්වී විවිධ දුෂ්කරතාවයන්ට ලක්වී ඇති පිරිසකගේ ඥාතීන් පසුගියදා අමාත්‍යවරයා හමුවී ඇති අතර, අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය පැමිණිලි ඉදිරිපත් කර ඇත.

රුසියානු හමුදාවේ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව පවසා විශ්‍රාමික හමුදා සාමාජිකයින් මේ සඳහා බඳවා ගෙන ඇති අතර, නමුත් ඔවුන්ට සිදුව තිබුණේ වැන්ගර් කුලි හමුදාවේ සේවය සඳහා යාමටයි. එහිදි ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරි සඳහා මෙම පුද්ගලයින් යොදවා ඇති බවත්, මාස ගණනකින් ඔවුන්ට හිමි වැටුප් පවා ලබා නොදී ඇති බවත් එම පුද්ගලයින් පවසා තිබේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රි ලංකා රජයේ අනුමැතියකින් තොරව කිසිඳු පුද්ගලයෙකු යුධ සේවය සඳහා විදේශ රටකට යොමු නොකරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි. එසේම සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගත නොවන ලෙස කෙතරම් දැනුවත් කිරීම් සිදුකළ තිබුණද, එසේ රැකියා සඳහා ගොස් විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවන බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය. මිනිස් ජාවාරම් පිළිබඳව ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත ප්‍රකාරව කාර්යාංශයට බලයක් නොමැති අතර, එම පැමිණිලි විමර්ශනය කරනු ලබන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.  එබැවින් කිසිඳු විටෙක සංචාරක වීස‌ා මගින් රැකියා සඳහා විදේශ ගත නොවන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments