මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සමබන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ කළේය.
මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මින් පෙර මෙම කමිටුව රැස්වූ අවස්ථාවේ මෙම අමාත්‍යාංශයේ සහ මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් (14) කමිටුවට පැමිණීමට එකඟතාවය සඳහන් කළද හදිසියේම ඊයේ සවස දැනුම්දීමක් කරමින් අද දින කමිටුවට නොපැමිණීම මෙම කරකසභාවට ගරු නොකිරීමක් ලෙස දකින බවයි. විශේෂයෙන්ම කාර්යාල වේලාවෙන් පසුව මෙම දැනුම්දීම සිදුව ඇති බවත් මෙහිදී නිදහසට දක්වා ඇති කරුණ අනුමත කළ නොහැකි බවත් හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේය. මේ නිසා මෙම අමාත්යාං ශය සහ දෙපාර්තමේන්තුව නැවත දිනක කාරක සභාවට කැඳවා ශ්රීය ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා වීසා අයදුම්පත් ඔන්ලයින් ක්රාමයට ඉදිරිපත් කිරීමේ බලයලත් නියෝජිතයා ලෙස GBS-IVS සහ VFS Global සමාගම් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කෙරුණි.
මේ පිිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වූයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් අද (14) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
එසේම මෙම කාරක සභාව සඳහා ශ්රීථ ලංකා මොබිටෙල් (පෞද්ගලික) සමාගම සහ ශ්රීව ලංකා පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරිය කැඳවා තිබුණි. මේ අනුව මොබිටෙල් සමාගම විසින් මෙම නව සමාගමට ශ්රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා වීසා අයදුම්පත් ඔන්ලයින් ක්ර මයට නිකුත්කිරීමේ අයිතිය ලබාදීමට පෙර තම සමාගම විසින් 2023 වර්ෂය වන තෙක් මෙම සේවාව ක්රිගයාත්ම කිරීම සිදු වූ ආකාරය සහ මේ සම්බන්ධයෙන් අවශ්ය් යාවත්කාලීන කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන්ශ්රී් ලංකා ආගමන හා විගමණ දෙපාර්තමේන්තුව සමග සිදු කළ සාකච්ඡා සහ යෝජනා පිළිබඳ අදාළ ලිඛිත මූලාශ්රල සහිතව කමිටුවට ඉදිරිපත් කළේය.
මේ අනුව මේ පිළිබඳ දීර් ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර නැවතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට තීරණය කෙරුණි.
