රජයට හිමි වීමට තිබූ විශාල තීරුබදු ප්‍රමානයක් අහිමි කරමින් මෙරටට ආනයනය කරන ලද නීති විරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුනු පුද්ගලයකු රාගම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි පොලිස් සැරයන් 4393 දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) රාගම පොලිස් වසමේ අංක 835/2, කැටගේවත්ත පාර, රාගම ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද වර්ථමාන වෙලදපොල වටිනාකම රුපියල් දෙලක්ෂ පනස්දාහක් පමන වන නීති විරෝධී Manchester වර්ගයේ දුම්වැටි 1,580 ක් හා Argos Switch වර්ගයේ දුම්වැටි 20 ක් ජාවාරම් කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.