25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsවිෂ මත්ද්‍රව්‍ය සමග විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට.

විෂ මත්ද්‍රව්‍ය සමග විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට.

ඒ අනුව (17) ගල්කිස්ස පොලිස් වසමේ වටරප්පල පාර බඩෝවිට ප්‍රදේශයන්හි ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් අනුව වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් පහක් මිලිග්‍රෑම් සීයයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු හා හෙරොයින් ග්‍රෑම් පහක් මිලිග්‍රෑම් දෙසීයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුවට ගත්සැකකරුවන් වයස අවුරුදු 40ක් හා 53ක්වේ. වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලිස් ස්ථානය සිදුකරයි.

අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේදී  එම පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් හයක් හා මිලිග්‍රෑම් දෙසීයක් ළඟ තබාගත් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු තිහක් වන අතර වැඩිදුර පරීක්ෂණ අතුරුගිරිය පොලිසිය සිදුකරයි.

වැලිකඩ පොලිස් වසමේ ඔබේසේකරපුර ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ලැබුණු තොරතුරක් අනුව වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් හා මිලිග්‍රෑම් දෙසීයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හැටඑකක්වන අතර ඔහු ඔබේසේකර ප්‍රදේශයේ පදිංචිකුවෙකි. වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

බුලත් සිංහල පොලිස් වසමේ පහල නාරගල ප්‍රදේශයේදී එම පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු නිලධාරින් ලැබුණු තොරතුරක් අනුව වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් පනස් දෙකක් හා මිලිලීටර් පන්සීයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු පනස්පහක් වන පහල නාරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බුලත් සිංහල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මේ අතර බලපත්‍ර නැතිව මස්කෙළිය පොලිස් වසමේ මාඋස්සාකැලේ වත්තේදී මස්කෙළිය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදුකර බලපත්‍ර නැතිව මැණික් ගැරු පුද්ගලයින් දෙදනකු මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු විසි දෙකක් හා තිස්පහක් වනඅතර හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ. මස්කෙළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments