25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsභූගත උණ්ඩ ගබඩාවක් හා ඝාතනයකට සම්බන්ධ අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

භූගත උණ්ඩ ගබඩාවක් හා ඝාතනයකට සම්බන්ධ අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

පලාලි කාලන්කාඩු ප්‍රදේශයේ වලදමා තිබු භූගත උණ්ඩ ගබඩාවක් විශේෂ කාර්ය බලකාය යාපනය කදවුරේ නිලධාරීන් සොයා ගනියි

යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එචි.එමි.කේ.එමි. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22 ) පලාලි පොලිස් වසමේ පළාලි දකුණ, කාලන්කාඩු ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ඉඩමක වළදමා තිබු T56 ස්වයංක්‍රීය ගිනි අවිය සදහා භාවිතා කරනු ලබන 7.62 X 39 ප්‍රමාණයේ උණ්ඩ 37,500 ක් අඩංගු පෙට්ටි 50 ක් සහ හැක් හැක් සහ ෆයිසීරෝ වර්ගයේ අවි සදහා භාවිතා කරනු ලබන 12.7 X 108 ප්‍රමාණයයේ උණ්ඩ 400 ක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පලාලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඉකුත්(10) අහුංගල්ලේදී සිවනෙත්ති පියල් ගාමිණී ද සිල්වා යන අය ඝාතනයට සම්බන්ධ නීතියේ ඇසට වැලිගසමින් සිටි තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගනී

.අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක එම්.ජි.ඒ.ඒ. දිල්හාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ විශේෂ මෙහෙයුම් ඒකකය iii හි නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව 2024.05.22 වන දින අහුංගල්ල පොලිස් වසමේ අංක 567/A, වලිකන්ද, අහුංගල්ල ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ඉකුත් මැයි 10 අහුංගල්ල පොලිස් බල ප්‍රදේශයේ අංක 669/1, මරදාන, අහුංගල්ල ලිපිනයේ පදිංචි සිවනෙත්ති පියල් ගාමිණි ද සිල්වා යන වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයකු ජංගම දුරකථන 01ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments