29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වෘත්තීය සමිති ක්‍රියාමාර් ගය අතහැර දැම්මා-රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය

වෘත්තීය සමිති ක්‍රියාමාර් ගය අතහැර දැම්මා-රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මැදිහත්වීම මත රේගු වෘත්තීය සමිති සන්ධානය අසනීප නිවාඩු වාර්තා කරමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවීමට රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම රේගු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීම ආරම්භ කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා සියලුම නිලධාරීන් හට උපදෙස් දී ඇත.

දැනට ප්‍රමාද වී ඇති රාජකාරි සති අන්තයට පෙර අවසාන කිරීමට සියලු කටයුතු සිදුකරමින් පවතින බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments