23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බත්තරමුල්ල විදේශ රැකියා ආයතන හිමිකාරියක් අත්අඩංගුවට

බත්තරමුල්ල විදේශ රැකියා ආයතන හිමිකාරියක් අත්අඩංගුවට

ඩුබායි හා ඕමාන් රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ බත්තරමුල්ල නගරයේ පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකාරිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් (3) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තැනැත්තිය විසින් ඉහත රටවල කර්මාන්ත ශාලාවල හා රියදුරු රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අයකර ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියා හිමි නොවූ බවට කාර්යාංශයේ විමර්ශන අංශය වෙත පැමිණිලි 14ක් ලැබී තිබුණි. එම පැමිණිලිවලට අනුව ඇය විසින් වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 40ට ආසන්න වේ.

කාර්යාංශය වෙත ලද පැමිණිලි 2ට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අදාළ ආයතනයේ හිමිකාරිය ඊයේ දින කාර්යාංශය වෙත කැඳවු අවස්ථාවේදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ආයතනය විසින් කාර්යාංශයේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වලංගු රැකියා ඇණවුමක් නොමැතිව ඩුබායි සහ ඕමාන් යන රටවල කර්මාන්ත ශාලාවල හා රියදුරු රැකියා ලබාදීම සඳහා මෙසේ වංචනිකව මුදල් අයකර තිබෙන අතර, අදාළ ආයතනයේ රැකියා බලපත්‍රය කාර්යාංශය විසින් මේ වන විටත් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින (7/4) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments