21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකොලොන්න තේ වතු හිමියකුට වෙඩි තැබීමේ සම්බන්ධ දෙදනකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට

කොලොන්න තේ වතු හිමියකුට වෙඩි තැබීමේ සම්බන්ධ දෙදනකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට

කොලොන්න තේවතු හිමියෙකු ඉකුත්(09) වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ඝාතන සැකකරුවන් දෙදෙනෙකු ආයුධ දෙකක් සහ මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම විසින් අත්අඩංගුවට ගනී.

විශේෂ කාර් ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුවි තිබේ.
එල්.ටී.ටී.ඊ. යුධ සමයේ භාවිතා කිරීම සඳහා වල දමා තිබූ භු ගත යුධ උපකරණ ගබඩාවකින් පුද්ගලනාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් කරදියනාරු ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් සොයා ගනී.

විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ප්‍රාදේශීය අණදෙන නිළධාරී (මඩකලපුව) සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී. සම්පත් කුමාර මහතාගෙන් ලැබු තොරතුරකට අනුව පරිදි අම්පාර කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී. සම්පත් කුමාර මහතාගේ මගපෙන්වීමෙන් වාලච්චේන කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක පො.ප. කේ.ජී.එල්. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විශේෂ කාර්ය බලකාය වාලච්චේන, වවුනතිවු, කලවංචිකුඩි හා කල්ලඩි කදවුරේ නිළධාරීන් සමග ඒකාබද්ධව (10) කරදියනාරු පොලිස් වසමේ වෙප්පවෙට්ටුවාන්, කාරකාඩු ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී එරාවූර් ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ අංක AR/655/2024 දරන නියෝගයට අනුව පසුගිය එල්.ටී.ටී.ඊ. යුධ සමයේ වල දමා තිබූ පුද්ගල නාශක බිම් බෝම්බ (ජොනි බට්ටෝ) 299ක්, එම ඩෙටනේටර් 38 ක් සමග 07.62 mm × 39 ප්‍රමාණයේ ජීව උණ්ඩ 19,930 ක් අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන කටයුතු සදහා කරදියනාරු පොලිස්ථානය වෙත භාර දෙන ලදි.

මෙලෙස එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අඩි අටක පමන ගැඹුරින් මෙම පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ වලා දමා තිබුනෙ ඔවුනගෙ ඊනියා ඊලම් සිහිනය සැබෑ කරගැනිම වෙනුවෙන් මානුෂිය මෙහෙයුමේ නිරත ආරක්ෂක අංශ වලට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සදහායි.

දිගු කලෙක පටන් උපකාර පංති අසල අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10 ) රාගම පොලිස් වසමේ හොරපේ දුම්රියපල ඉදිරිපිට දී සහ කුරුකුලාව සම්මානි නැමති උපකාරක පංති පවත්වන ස්ථානය අසල සහ හින්කෙන්ද මුදිතා මාවතේ වැටලීම් 04ක් සිදුකර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කල රාගම සහ කුරුකුලාව ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 24ත් 34ත් අතර පසුවන පුද්ගලයින් සිවි දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලි ග්‍රෑම් 930 ක් සමග යතුරු පැදියක්, මුදල් රුපියල් 6,600.00 ක්, විද්‍යත් තරාදියක් සහ ජංගම දුරකථන 03 සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තණමල්විල ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස සරුවට වගා කරන ලද ගංජා ගස් 112664 ක් සමග ගංජා හේන් පහක් සමග පුද්ගලයෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පී.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) තණමල්විල පොලිස් වසමේ බලහරුව සහ නිකවැව යන ප්‍රදේශයන් වල දී වැටලීම් සිදුකර ඇත.

එහි දී නීති විරෝධීව ඉතා සරුවට වගා කරන ලද විවිධ ප්‍රමාණයේ උස ගංජා ගස් 112,664 ක් සහිත වගාවන් 05 ක් සමග දාන්වල, ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා සාම්පල් ලෙස ගංජා ගස් 10 බැගින් තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අනෙකුත් ගංජා ගස් එම ස්ථානයේදීම ගිණි තබා විනාශ කර ඇත

රෝට්ටෙ වැව අධි රක්ෂිතයට හොර රහසේ ඇතුළු වී නිධන් සෙවීම සදහා අධිබලැති ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් භූමිය පරීක්ෂා කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අරුගම්බේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මොණරාගල කලාපය භාර පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී රණසූරිය මහතාගේ අධීක්ෂණයෙන් අරුගම්බේ කඳවුරේ පොලිස් සැරයන් 7703 මධුසංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්, පොතුවිල් අඩවි වන කාර්යාලයේ නිලධාරින් සමග එකාබද්ධව (12) පොතුවිල් පොලිස් වසමේ රෝට්ටෙ වැව අධි රක්ෂිතයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී රෝට්ටෙ වැව රක්ෂිත භූමියට හොර රහසේ ඇතුළු වී අධිබලැති ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් නිධන් සෙවීමේ සදහා රෝට්ටෙ වැව රක්ෂිත භූමිය පරික්ෂා කරමින් සිටි පොතුවිල් සහ දෙමෝදර ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 32 හා 41 වයස් වල පස්වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් අඩවිවන කාර්යාලය වෙත භාර දී ඇත.‍

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments