29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කූඨ ව්‍යාපාරිකයන්ගේ උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන යම් පුද්ගලයන් අසත්‍ය තොරතුරු මාධ්‍යයට යොමු...

කූඨ ව්‍යාපාරිකයන්ගේ උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන යම් පුද්ගලයන් අසත්‍ය තොරතුරු මාධ්‍යයට යොමු කරමින් මහජනතාව නොමග යවන බවට වාර්ථා වී ඇති බැවින් මෙම පැහැදිලි කිරීම සිදුවේ-සීවලි අරුක්ගොඩ

ආනයන බහලුම් කොලඹ වරායෙන් නි්ෂ්කාශනය කිරීමේදී ඇතිවී තිබෙන ප්‍රමාදය පිලිබඳවයි.

කොලඹ වරායෙන් ආනයන බහලුම් නිෂ්කාශනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයක් ඇති බවත්, රේගුව දිනකට නිදහස් කරන්නේ බහලුම් 350ක් පමනක් බවත් ඒ තුලින් ඉදිරියේදී රට තුල ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බවටත් නිවැරදිව කරුනු තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නොමැති, කූඨ ව්‍යාපාරිකයන්ගේ උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන යම් පුද්ගලයන් අසත්‍ය තොරතුරු මාධ්‍යයට යොමු කරමින් මහජනතාව නොමග යවන බවට වාර්ථා වී ඇත.
එම නිසා මහජනතාවගේ දැනගැනීම පිණිස පහත කරුනු ඔබ වෙත දන්වා සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්‍යක්ශ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියි.

2024/07/08 දින සිට 2024/07/12 දින දක්වා වූ සතිය තුල ආනයන බහලුම් 5557 ක් සඳහා රේගුවට ආනයන සටහන්කර ඉදිරිපත් වී ඇති අතර එයින් බහලුම් 4838 ක් රේගුව මගින් ආනයනකරුවන් වෙත මුදා හැර ඇත.

  1. ⁠ඒ අනුව දිනකට බහලුම් 970 කට ආසන්න ගනනක් රේගුව මගින් ආනයනකරුවන් වෙත මුදාහැර ඇත.
  2. ⁠.2024.07.12 වන දිනය අවසානය වන විට වරායෙන් නිශ්කාශනය කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ ආනයන සටහන්කර වලට අදාල සමස්ථ බහළුම් ගනනින් නිදහස් කිරීම සඳහා ඉතිරිව තිබුනේ 2000කට ආසන්න ගනනකි.
  3. ⁠සාමාන්‍යයෙන් දිනකට බහළුම් 1000කට වැඩි ප්‍රමානයනක් නිදහස් කිරීමේ හැකියාව රේගුව සතුව පවතී.
  4. ⁠එම නිසා අද දින එනම් 13/07/2024 දිනද සාමාන්‍ය දිනයක් සේ සලකා රේගුව සේවා සපයන බැවින් ලබන සඳුදා (15) සවස වනවිට ඉතිරි වී ඇති සියලුම බහලුම් නිදහස් කිරීම රේගුවේ අරමුනයි.
  5. ⁠කෙසේ වෙතත් ආනයනකරුවන්ගේ සහ නිශ්කාශන නියෝජිතයන්ගේ සහයෝගය මේ සඳහා අවශ්‍ය වන අතර ස්වකීය බහලුම් නිදහස් කරගැනීම සඳහා ඔවුන් අනලස්ව කටයුතු කලහොත් පමනක් එලඹෙන සඳුදා දිනය අවසන් වනවිට ප්‍රමාදය අවසන් කල හැක.
  6. ⁠එසේම අත්‍යාවශ්‍ය ආහාර හා බෙහෙත් වැනි ද්‍රව්‍ය නිශ්කාශනය කරන RCT අංගනය සතියේ දින 07 ම දිවා රාත්‍රී සේවය කරන අතර එම භාන්ඩ නිශ්කාශනයේ ප්‍රමාදයක් ඇතිවී නොමැති අතර ඒවායේ හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැත.
  7. ⁠කරුනු එසේ වුවද, වෙලඳාම පහසුකිරීමේ සේවය සපයන්නේ නීත්‍යානුකූලව රේගුවට ප්‍රකාශ කරඇති බහලුම් සඳහා පමනක් වන අතර අවදානම් ලෙස හඳුනාගෙන ඇති බහලුම් කුමන ප්‍රමාදයක් ඇති වුවත් පරීක්ශාවකින් තොරව නිදහස් කිරීමට රේගුව කිසිසේත්ම කටයුතු කරනු නොලැබේ.

එමනිසා, කොලඹ වරායේ ඇති සියලුම බහලුම් ඉක්මනින් නිදහස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු රේගුව මගින් සිදුකර ඇති අතර කරුනු නිසිපරිදි අවබෝධ කරගැනීමට හැකියාවක් නොමැති අයවලුන් විසින් විවිධ මාධ්‍ය ඔස්සේ කරනු ලබන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ශ්‍රී ලංකා රේගුව ඉල්ලා සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments